වසන්ත හා සිරිධම්ම හිමියන් රක්ෂිත බන්ධනාගාර ගත කරන්න නියෝගයක්…

දින 90 ක් පුරා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින්නට නියම වූ අන්තර් විශ්වවිද්‍යලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය විසින් අද සවස ලබා දුන් නියෝගයකට අනුවයි.

අතිරේක මහේස්ත්‍රාත්වරිය එම නියෝගය කර ඇත්තේ මොවුන් දෙදෙනා සම්බන්ධව නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රස්ත විමර්ශන ඒකකය සිදු කළ කරුණු දැක්වීමට සවන් දීමෙන් පසුව බවත් වාර්තා වේ.

භික්ෂූන්වහන්සේගේ සහා වසන්තගේ දින 90 ක රඳවා ගැනීමේ කාලය හෙටින් අවසන් වීමට නියමිතව තිබේ.

Leave A Reply

Send this to a friend