මීගමුව ගිනි ගනිද්දී රජය සමාජ මාධ්‍ය අඩවි වාරණය කොට වීණා වයයි

පසුගිය දා ඇති වූ සිද්ධීන් වලට සැබෑ ගැටලුවලට විසදුම් සෙවීම පසෙකලා සමාජ මාධ්‍ය සියලුම සිදුවීම් වලට වරදකරුවෙක් කරමින් තම බඩගෝස්තරය රැකගැනීමට තාවකාලික පැලැස්තර යෙදීමට රජයේ නිළධාරීන් කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය චෝදනා කරයි. ඊයේ මීගමුවේ ඇතිවූ සිදුවීමෙන් පහු සමාජ ජාලා අවහිර කිරීම පිළිබදව එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිඛේ.

සංවිධානය විසින් නිකුත් කල නිවේදනය මීගමුව ප්‍රදේශයේ හටගත් කළහකාරී සිදුවීමක් පදනම් කරගනිමින් නැවතත් ෆේස්බුක්,වට්සැප්,ඉන්ස්ටග්‍රෑම්,වයිබර් ආදී සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමට මිට සුළු මොහොතකට පෙර ක්‍රියාකර ඇතැයි ශ්‍රී ලංකා පරිවර්තන සමූහය වන අප වෙත දැනගන්නට ලැබේ.පසුගිය 29 වනදා සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට රජය ක්‍රියාකළත් නැවතත් එම ඉවත්කරගැනීම හකුලා ගැනීමට සිදුකිරීම පිලිබදව අප සමුහයේ බලවත් අප්‍රසාදය රජය වෙත පලකරන අතර සිදුවන සිදුවීම් වලට මූලික හේතුව සමජා මාධ්‍ය ජාල වෙබ් අඩවි නොවන බවත් සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි යනු තාක්ෂණික මෙවලමක් වන බවත් රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළා මෙන් සැබෑ ගැටලුවලට විසදුම් සෙවීම පසෙකලා සමාජ මාධ්‍ය සියලුම සිදුවීම් වලට වරදකරුවෙක් කරමින් තම බඩගෝස්තරය රැකගැනීමට තාවකාලික පැලැස්තර යෙදීමට කටයුතු කරන බලධාරීන් සියල්ලන්වම අප සමූහය පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්

සභාපති

ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

 714 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments