විදේශ සේවා නියුක්ති කාර්යාංශයේත් ආරක්ෂක වැඩපිලිවලක්
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය ලබා ගැනීමට පැමිණීමේ දී ඔවුන් සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්රියාත්මක කිරීමට කාර්යාංශය විධිවිධාන යොදා තිබේ.ඒ අනුව, ගමන්මලු ,පාර්සල් ආදිය කාර්යාංශ පරිශ්රය තුළට රැගෙන නොඑන ලෙසත්, මුහුණ සම්පූර්ණයෙන් ආවරණය වන සේ ඇදුම්, හෙල්මට් හා ජැකට් පැලඳ නොපැමිණෙන ලෙසත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සිය සේවාලාභීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
නැවත දැනුම්දෙනතුරු අවසර නොලත් කිසිදු වාහනයක් කාර්යාංශ පරිශ්රය තුළට ඇතුලු නොකර ගැනීමට ද, සේවා අපේක්ෂකයින් සඳහා ඇතුල්වීමේදී විශේෂ අවසර පත්රයක් ලබා දීමටද කාර්යාංශයේ ආරක්ෂක කමිටුව තීරණය කර ඇත
794 total views, 2 views today