ඇෆ්ගන් භූ කම්පාවෙන් මේ වන විට අවම 1000ක් මිය ගිහින්… 1500ට වඩා තුවාලයි…

ජූනි 22 වැනිදා ඇෆ්ගනිස්තාන වේලාවෙන් අලුයම 1.24 ට පමණ නැගෙනහිර ඇෆ්ගනිස්තානයට රිච්ටර් මාපකයේ 5.9 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වුණු අතර විටින් විට එහි දරුණු තත්වයන් වාර්තා විය. පකිස්තාන දේශසීමා ආසන්නයේ සිට සැතපුම් 28.5ක් පමණ නිරිත දෙසින් එහි අපකේන්ද්‍රය පිහිටා තිබූ අතර එය සැතපුම් 6.2 ක් පමණ ගැඹුරු ව ඇත. එමඟින් වඩාත්ම පීඩාවට පත් ප්‍රදේශය ව ඇත්තේ ගයාන්, නිකා, බර්මාල් සහ සිරොක් පළාත්ය. එයින් පාකිස්තානයේ ජීවිත හානි පිළිබඳව ද තොරතුරු වාර්තා වී තිබේ.

ඒ අනුව නැඟෙනහිර ඇෆ්ගනිස්ථානයේ හට ගත් මෙම බලගතු භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයන් 1,000 ක් මිය ගොස් 1,500 ක් තුවාල ලබා ඇති බව පාලක තලේබාන් සංවිධානයේ නිලධාරියෙක් බීබීසීයට පවසා තිබුණි.  එහි පක්ටිකා පළාතේ නායයෑම් සහ නටබුන් වූ නිවාස දැක්වෙන බැවින් ගලවා ගැනීමේ ප්‍රයත්නය සඳහා තලේබාන් සංවිධානය ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටී. මිනිසුන් නිදා සිටියදී අලුයම 01:30 (GMT 21:00 අඟහරුවාදා) ට ටික වේලාවකට පසු භූමිකම්පාව ඇති විය.51km (සැතපුම් 32) ගැඹුරක දී සිදු වූ රිච්ටර් පරිමාණයේ 6.1 සිදුවීමෙන් නිවාස සිය ගණනක් විනාශ වී තිබේ. එය දශක දෙකකට පසු ඇෆ්ගනිස්ථානයට පහර දුන් මාරාන්තික භූමිකම්පාව වන අතර එය බටහිර පිටුබලය ලබන රජය බිඳවැටීමෙන් පසු ගිය වසරේ නැවත බලය ලබාගත් ඉස්ලාමීය ව්‍යාපාරය වන තලේබාන් සංවිධානයට විශාල අභියෝගයක් වී තිබෙන බව පුවත් වාර්තා කරයි.

කෙසේ වෙතත් මෙහි දී මියගිය අයගෙන් වැඩි දෙනෙක් ඉතා කුඩා දරුවන් බව ද මෙවැනි ව්‍යසනයකට මුහුණ දීමේ හැකියාවක් ගම්මානවල ප්‍රාදේශීය රෝහල්වලට නොතිබූ බව ද පුවත් වාර්තාවල සඳහන්.

About Author

Leave A Reply

Send this to a friend