විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය දිගින් දිගටම පැවසූ පරිදි වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් අංකය අනුව සතියේ දිනවල මහජනයාට තෙල් බෙදා දෙන ආකාරය නිකුත් කර තිබේ.
ඒ අනුව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය නිවේදනය කරන්නේ කිසිදු විශේෂ වාහන කාණ්ඩයක්ට අයත් නොවන සියලුම රථ වාහන සඳහා එම වාහනයේ ලියාපදිංචි අංකයේ අවසානඅංකය අනුව ඉන්ධන ලබා ගැනීම සඳහා සතියේ දින හත ම වෙන් කර තිබෙන බවයි.
එම නව ක්‍රමයට අනුව ඔබේ වාහනයේ අංක තහඩුවේ ලියාපදිංචි අංකයේ සඳහන් අවසාන අංකය 0, 1 සහ 2 ලෙස සටහන් වී තිබේ නම් සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනවල ද අවසාන අංකය 3, 4 සහ 5 ලෙස සටහන් වී තිබේ නම් අඟහරුවාදා සහ සිකුරාදා දිනවල ද අවසාන අංකය 6, 7, 8 සහ 9 ලෙස සටහන් වී තිබේ බඳාදා, සෙනෙසුරාදා සහ ඉරිදා ද වශයෙන් දින වෙන් කර ඇත.
මෙම සැලැස්ම අනුව සියලුම මෝටර් රථ, යතුරුපැදි සහ ත්‍රීරෝද රථවලට සතියකට හෝ මාසයකට සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගත හැකි බව එම නිවේදනයේ සඳහන්.