නවතම ‘’T20’’ ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සිලය (ICC) අද නිවේදනය කළා. එම
නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කැපී පෙනනෙ ලෙස ඉදිරියට පැමිණ තිබීම විශේෂයි.
ඒ අනුව ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ‘’ටී20’’ ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානයට පැමිණ පෙර සිටියාට වඩා එක් ස්ථානයක් ඉදිරියෙන් සිටී.
මහීෂ් තීක්ෂණ එහි පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ 8 වැනි ස්ථානයේ වන අතර පිතිකරුවන්ගේ ලැයිස්තුවේ 8 වැනි ස්ථානයේ පැතුම් නිශ්ශංක රැඳී සිටින බව සඳහන්.
ඊයේ (21) වැනිදා පැවැති තරගයේ දී ලකුණු 110ක් වාර්තා කරමින් තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබූ ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු චරිත් අසලංක ස්ථාන 19 ක් ඉදිරියට පැමිණ ඇති අතර, ඔහු මේ වන විට එක් දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල 32 වැනි ස්ථානයේ රැඳී සිටින ක්‍රීඩකයෙක්. ධනංජය ද සිල්වා ස්ථාන 12 ක් ඉදිරියට පැමිණ සිටින අතර ඔහු මේ වන විට ශ්‍රේණිගත කිරීම්වල පිතිකරු ලැයිස්තුවේ 69 වැනි ස්ථානයේ පසුවේ. එමෙන්ම ධනංජය පන්දු යවන්නන් අතර 61 වැනි ස්ථානය දක්වා ස්ථාන 11ක් ඉදිරියෙන් පසුවේ.
මේ දිනවල ජයග්‍රහණ ලබා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ යම් ඉදිරියට යාමක් දක්නට ලැබීම සුවිශේෂයි.