හාල් මෝල් හිමියන් එක්ව අද පැවැත්වූ සජීව මාධ්‍ය හමුවක් අතරතුර නිව් රත්න සහල් හිමිකරු මාධ්‍ය අමතමින් හාල් මිල වැඩි කිරීම ගැන අදහසක් පවසන විට දී අරලිය සහල් හිමිකරු වූ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේන තදින් බැන වදිමින් මාධ්‍ය හමුවෙන් නැගිට යනු දක්නට ලැබිණි.
“කීරි සම්බා 9000 යි නාඩු 8000 යි.. බොරු කියන්න එපා ! ඔය අනිත් හාල්මෝල්වල අය මොකද කියන්නේ ? හාල් මිල වැඩි කරන්න කතා කරන්න ඕන නෑ මෙතන… මුං හැමදාම හාල් මිල වැඩි කරන්න කතා කරනවා.. ඔය හැමෝම එනවා මෙතන හාල් මිල වැඩි කරන්න.. තොපි මාෆියාව යකෝ ” ආදි වශයෙන් කෑගසමින් බැන වදිමින් ඉවතට ගිය අතර සත්‍යය පවසන ලෙස ඉල්ලා සිටියා.
මේ අතර අනික් හාල් මෝල් හිමියන් පැවසුවේ ඔවුන් ජනතාවට අඩු මිලට ජනතාවට හාල් දෙන බවයි. හාල් මෝල් හිමියන් 1000 ක් ඇති බවත් ඔවුන් නියම මිලට වඩා අඩුවෙන් හාල් විකිණුවහොත් පාරිභෝගික අධිකාරිය අදාළ නීතිමය පියවර ගන්නා ලෙසත් එහිදී වැඩි දුරටත් ඔවුන් පවසා සිටියා.