නැවතත් ඉන්ධන මිල ඉහළ යනවා… -අගමැති විශේෂ ප්‍රකාශයක්

අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ලෝක වෙළෙඳපොලේ නැවතත් තෙල් මිල ඉහළ යන බැවින් ඒ සඳහා අවශ්‍ය වැඩිපුර විදේශ මුදල් වෙන් කළ යුතු වන බවයි.

මේ හේතුවෙන් නැවතත් රට තුළ ඉන්ධන මිල ඉහළ යා හැකි බවට ඉඟි පළවන අතර රුසියානු හා යුක්රේන දෙරට අතර පවතින යුදමය තත්වය මත ගෑස් හා ඉන්ධන සැපයුම කෙරෙහි ඇති බලපෑම අනුව මෙම තත්වය උද්ගත වූ බවත් ඒ සඳහා සූදානම් විය යුතු බවත් අගමැතිවරයා පවසයි. පසුගිය සතියේ රුසියාව යුරෝපයට ගෑස් ලබාදීම නතර කිරීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ ගෑස් මිල හා තෙල් මිල යළිත් ඉහළ යන බව වැඩි දුරටත් පැවසූ අගමැතිවරයා මේ තත්වය ශ්‍රී ලංකාවට පාලනය කළ නොහැකි බව ද පවසයි.

ඊට අමතරව අනිකුත් ආහාර ද්‍රව්‍ය සුරක්ෂිත කර ගැනීම, රට තුළ නිෂ්පාදනය කිරීම පිළිබඳව ද අවධානය යොමු කළ බවත් පවතින වී තොග හා සහල් ජනතාවට අඛණ්ඩව සැපයීමට වැඩ පිළිවෙළ සකසා ඇති බවත් අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

About Author

Leave A Reply

Send this to a friend