ළහිරු-වසන්ත-රැට්ටා පොලිසියට භාර වෙති

පසුගිය දා කොටුව ප්‍රදේශයේ හා තලංගම ප්‍රදේශයේ දී සිදු කළ විරෝධතා හේතුවෙන් සැකකරුවන් ලෙස ප්‍රකාශයට පත් වූ ළහිරු වීරසේකර, වසන්ත මුදලිගේ සහ, රතිඳු සේනාරත්න යන විරෝධතාකරුවන් සහ තවත් කීප දෙනකු අද මරදාන පොලිසිය වෙත භාර වී ඇත.

රැට්ටා, ළහිරු සහ වසන්ත රජය විවේචනය කරන ප්‍රබල විරෝධතාකරුවන් ලෙස මෑතක සිට ප්‍රකට වී ඇති සමාජ ක්‍රියාකාරිකයන් තිදෙනකු වන අතර ඔවුන් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පොලිසිය වෙත කරුණු දැක්වීමෙන් අනතුරුව ඔවුන් සැකකරුවන් ලෙස ප්‍රකාශයට පත් කර තිබිණි. කෙසේ වෙතත් තම අරගලය අඛණ්ඩව කරන බවයි ඔවුන් පවසන්නේ.

About Author

Leave A Reply

Send this to a friend