ඊයේ ලද ශ්‍රේෂඨාධිකරණ තීරණයත් සමග ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට වරම් ලැබූ ප්‍රකට කැසිනෝ-සූදු, ලීසිං මෙන්ම මෙරට, පිටරට දැවැන්ත ව්‍යාපාර රැසක් පවත්වාගෙන යන්නා වූ කුලප්පුආරච්චිගේ ධම්මික පෙරේරා මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ කථානායකවරයා ඉදිරියේ දී දිවුරුම් දීම සිදු වුණා.
ඒ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස ජූනි 10 වැනිදා ගැසට් කළ අතර ඒ වෙනුවෙන් විරෝධතා රැසක් මෙන්ම මූලික අයිතිවාසිකම් පෙත්සම් රැසක් ද යොමු කෙරුණා. කෙසේ වෙතත් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග මත ඒ සියල්ල ඉවත දැමුණු අතර අද ඔහු ගේ දිවුරුම් දීම සිදු විය.
කෙසේ වෙතත් ආරංචි මාර්ග පවසන්නේ අලුත් අමාත්‍ය ධුරයක් වූ තාක්ෂණ ප්‍රවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයේ ද මින් පසු ඔහු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ඇති බවයි.