සමගි ජන බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු “සමගි වනිතා බලවේගයේ” විශාල පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේනෙිවෙස ආසන්නයේ කොළඹ 07 තර්ස්ටන් විද්‍යාලය ඉදිරිපිට මාර්ගයේ මේ වන විට සටන් පාඨ කියමින් දැඩි විරෝධතාවයක නිරත වන බව වාර්තා වන අතර ඒ හේතුවෙන් අග්‍රාමාත්‍ය නිවස අවට දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබේ. මේ පිළිබඳ සාමාජ ජාලාවල ඡායාරූප මෙන්ම වීඩියෝ ද සංසරණය වෙමින් පවතී.
පළමු වරට ජනපති නිවෙස අභියසට ගොස් විරෝධතා පෑ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතළු කාන්තාවන් අද අග්‍රාමාත්‍ය නිවෙස වෙත ගොස් විරෝධතා පාන්නට පියවර ගෙන තිබීමත් විශේෂයක්.