නිපුන් සහ සහන් දස්කම් දක්වමින් “ශ්‍රී ලංකා ඒ” ඔසවා තබති…

සංචාරක ඕස්ට්‍රේලියානු “ඒ” කණ්ඩායම හා ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ තරගයේ පළමු දිනය වූ අද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දස්කම් දක්වමින් කඩුලු 9 ට ලකුණු 330ක් රැස් කළේය.

නිපුන් ධනංජය (ලකුණු 92) සහ සහන් ආරච්චිගේ (ලකුණු 61) එක්ව හයවන කඩුල්ලට පවත්වන ලද ලකුණු 124 ක තියුණු සබඳතාවය මත ඕස්ට්‍රේලියානු “ඒ” කණ්ඩායමට එරෙහිව අද 21 වැනිදා පැවැති දෙවන සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ පළමු දිනය නිම වන විට පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 330 ක් ලබා ගන්නට සමත් වුණා.

ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම ලකුණු 176කට කඩුලු 5ක් දැවී සිටින අවස්ථාවේ මෙම පිතිකරුවන් දෙදෙනා පෙන්වූ දක්ෂතා මත 6 වැනි කඩුල්ල ලබා ගැනීම ලකුණු 300 දක්වා දීර්ඝ විණි. නිපුන් ධනංජය පන්දු 130ක දී හතරේ පහර හතරක් සමඟ ලකුණු 92 ක් ද සහන් ආරච්චිගේ පන්දු 124ක දී හතරේ පහර තුනක් ද සමඟ ලකුණු 61ක් ලබා ගත්තා.

මොවුන් දෙදෙනාට අමතරව ළහිරු උදාර ලකුණු 63 ක් ද නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 32 ක් ද සහ පළමු තරගයේ දෙවැනි ඉනිමේ දී ශතකයක් ලද සධීර සමරවික්‍රම ලකුණු 29 ක් ද ලබා ගත්හ. ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායමේ දෙවැනි හොඳම සබඳතාවය වූයේ ළහිරු උදාර සහ නුවනිඳු ප්‍රනාන්දු තෙවන කඩුල්ලට රැස් කළ ලකුණු 59 ක සබඳතාවයයි.

ශ්‍රී ලංකා “ඒ”  මුල් ඉනිම පන්දුවාර 90 ක දී කඩුලු 9 ට ලකුණු 330 යි – (නිපුන් ධනංජය 92, ළහිරු උදාර 63, සහන්ආරච්චිගේ 61, නුවනිඳු ප්‍රනාන්දු 32, සධීර සමරවික්‍රම 29, ස්කොට් බොලන්ඩ් 38/4, මාර්ක් ස්ටෙකෙටි 69/4). හෙට තරගයේ දෙවැනි දිනයයි.

About Author

Leave A Reply

Send this to a friend