තව මාස 3 න් උග්‍ර එළවළු හිඟයක්! ගොවීන් වගාවෙන් ඉවත් වෙලා.. 

ඉදිරි මාස තුනේ දී උග්‍ර එළවළු අර්බුදයක් හට ගනු ඇති බවත් නිෂ්පාදනය මෙන්ම සැපයුම් ජාලයද අඩාල වී යමින් පවතින බවත් මැනිං වෙළඳ පොල ආරංචි මාර්ග කියයි. මේ හේතුවෙන් එළවළු සඳහා ද පෝලිම් නිර්මාණය වනු ඇති බව ඔවුන් පවසයි.

මේ පිළිබඳව පසුගිය දෙසැම්බර් මාසයේ පටන් රටට කියමින් දැනුම්වත් කරන බවත් මෙතෙක් සාර්ථක පියවරක් ගෙන නැති බවත් ඒ නිසා තත්වය බරපතල බවත් සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳ පොළ සංගමයේ සභාපති අරුණ ශාන්ත මහතා පවසයි

ඒ මහතා වැඩි දුරටත් පවසන්නේ මේ වන විට එළවළු නිෂ්පාදනය කරන ගොවීන්ගෙන් 50% ක් පොහොර, ඉන්ධන හා මුදල්‍ය ආදී අර්බුද රැසක් මත වගාවෙන් ඉවත් ව ඇති බවයි. මෙය පසුගිය කාලය පුරාම වර්ධනය වූ තත්වයක් බවත් ඊට මෙතෙක් ප්‍රමාණවත් පිළිතුරක් නැති බවත් වැඩි දුරටත් පවසයි.

ගොවීන් වගාවෙන් ඉවත් වන්නේ යටිතල පහසුකම් හා වෙළඳපොල කළමනාකරණය ගැන ඇති අවිනිශ්චිතතාව හේතුවෙන් බව මහජන ගොවිජන මතය වේ.

 

About Author

Leave A Reply

Send this to a friend