ප්‍රවීණ ගුවන්විදුලි, රූපවාහිනි, නාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනි ලියෝනි කොතලාවල මහත්මිය අද ජීවන රඟමඩලෙන් සමු ගත් අතර ඇය මිය යන විට වයස අවුරුදු 74 ක් වූ වූවාය. එමෙන් ම මෑතක් වන තුරුම රංගනයෙන් ටෙලි නිර්මාණවලට දායක වූ ශිල්පිනියකි.
එකල ප්‍රවීණ අධ්යක්ෂවරයකු වූ ජී. ඩී. එල්. පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘‘සාමා’’ වේදිකා නාට්‍ය ට 1962 වසරේ සිය ප්‍රථම රංගය දෙමින් රඟපෑමට පිවිසි ඇය පසුව ‘’සාමා’’ චිත්‍රපටයට ද රංගනයෙන් එක් වූවාය.
වජිරා, චණ්ඩාලි, පිපෙන කුමුදු, මුවන් පැලැස්ස වැනි කලා නිර්මාණ රැසක රංගනයෙන් දස්කම් පෙන්නූ ඇය ප්‍රවීණ ගුවන්විදුලි හඬකැවීමේ ශිල්පිනියක් ද වූ අතර මුවන්පැලැස්ස ගුවන්විදුලි නාට්‍යයෙන් අතිශය ජනප්‍රියත්වයට පත් වෙමින් පසුව ටෙලි යුගයේ තාරාදේවී, චරිත තුනක්, චාරුලතා, හිරුට මුවාවෙන්, නෑදෑයෝ වැනි අතිශය ජනප්‍රිය වූ ටෙලිනාට්‍ය රැසකට ද මෑතක් වන තුරුම දායක වූ ශිල්පිනියක් ද වේ.
ඇයටම ආව්ණික වූ භාවමය හැකියාවක් තිබුණු අනන්‍යතාව තහවුරු කළ නිළියක් වීම ද ඇය කෙරෙන් සුවිශේෂ වේ.