බංග්ලාදේශයට ගංවතුරින් මහ විපත්… මරණ සමග ලක්ෂ 60 ක් අසරණයි!

විදෙස් නිල මාධ්‍ය ප්‍රකාශයන්ට අනුව, බංග්ලාදේශයේ ඊසාන දිග සහ උතුරු ප්‍රදේශවල අධික මෝසම් වැසි හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් විපතට පත් වී ඇති අතර, ජනතාව ප්‍රදේශවලින් ඉවත් කිරීමේ, බේරා ගැනීමේ සහ සහන සේවා කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා එරට ත්‍රිවිධ හමුදාව ම යෙදවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

ගංවතුර හේතුවෙන් මිලියන හයකට (6 million) ආසන්න ජනතාවක් මේ වන විට විපතට පත්ව ඇති අතර මියගිය සංඛ්‍යාව පිළිබඳ නිල දත්ත නොමැති නමුත් නිල නොවන වාර්තා අනුව දැනට අවම වශයෙන් පුද්ගලයින් 59 දෙනකුවත් මිය යන්නට ඇතැයි නිගමනය කර තිබේ. ඒ අතර බේරා ගැනීමේ බෝට්ටු පැමිණෙන තෙක් තවත් බොහෝ දෙනෙකු නිවෙස්වල වහල මතට වී රැකවරණය අපේක්ෂිතව සිටින බව ද වාර්තා වේ.

බංගලාදේශ හමුදාවේ අන්තර් සේවා මහජන සම්බන්ධතා කාර්යාලය සිය වෙබ් අඩවියේ සඳහන් කළේ ගංවතුර හේතුවෙන් ඊසාන දිග සුනම්ගන්ජ් සහ සිල්හෙට් දිස්ත්‍රික්ක විනාශ වී ඇති බැවින් සොල්දාදුවන් යොදවා මෙහෙයුම් කරන බවයි, එහි නිවාස දහස් ගණනක් ජලයෙන් යටවී ඇති අතර විදුලිය ද විසන්ධි වී ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ඩකා අගනුවර රජයේ ගංවතුර අනාවැකි සහ අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය කියා සිටියේ රට පුරා සියලුම ප්‍රධාන ගංගාවල ජලය ඉහළ යමින් පවතින බවයි. “රටේ ප්‍රධාන ගංඟා ද්‍රෝණි හතරෙන් දෙකකම ජලය දැන් අනතුරුදායක රේඛා ඉක්මවා ගොස් ඇත” තත්වය 2004 ගංවතුර තරම්ම නරක බව පෙනෙන බව ගංවතුර අනාවැකි සහ අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ (FFWC) ප්‍රකාශකයෙක් පවසා තිබෙන අතර බංග්ලාදේශයේ ගංගා 130 ක් පමණ ගලා බසී. ගංවතුර බලාගාර කිහිපයක් ද ගිල්වා ඇති අතර විදුලි පහසුකම් ඇනහිට තිබේ. අන්තර්ජාල සහ ජංගම දුරකථන සන්නිවේදනයට ද බලපෑම් එල්ල වී ඇත.

සිල්හෙට් හි ඔස්මානි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කළමනාකරු හෆීස් අහමඩ් පැවසුවේ ගංවතුර ජලය ධාවන පථයට ආසන්නව ඇති බැවින් සිකුරාදා සිට දින තුනක් ගුවන් ගමන් අත්හිටුවා ඇති බවයි.

පසුගිය මාසයේ ද ඉන්දියාවේ ඊසානදිග ප්‍රාන්තවලින් ඉහළට ගලා ආ ජල පහර නිසා ඇති වූ පූර්ව මෝසම් ගංවතුරක්, බංගලාදේශයේ උතුරු සහ ඊසාන දිග ප්‍රදේශවලට කඩා වැදී, භෝග විනාශ කර නිවාස හා මාර්ග පද්ධතියට ද හානි කළේය.

 

 

 

 

About Author

Leave A Reply

Send this to a friend