ඊයේ රාත්‍රි මුලතිව්හි පුදුකුඩිඉරිප්පු, විශ්වමඩු ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ පිහිටි යුද හමුදා ආරක්ෂක මුරපොළක් ආශ්‍රිතව ජනතා නොසන්සුන්තාවක් හට ගෙන තිබෙනවා. පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසන්නේ එම ගැටුමෙන් යුද හමුදාවේ තිදෙනකුත් සිවිල් වැසියන් දෙදෙනකුත් තුවාල ලැබූ බවයි.
ඉන්ධන ලබා දෙන ලෙස සාමාන්‍ය වැසියන් එක්ව කළ උද්ඝෝෂණයක් සමතයකට පත් කර විරෝධතාකරුවන් ඉවත් කරන්නට යාමේ දී යුද හමුදාව සමග වූ බහින්බස්වීමත් සමග විවිධ කැට, මුගුරු ආදියෙන් පහර දෙමින් ජනතාව ප්රකෝපකාරී වූ බැවින් හමුදාව අහසට වෙඩි තබා ජනතාව විසුරුවන්නට කටයුතු කර තිබේ.
ඉන් තත්වය තරමක් පාලනය වුණත් පසුව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්යය බලකාය ද කැඳවා තත්වය සම්පූර්ණයෙන් සමනය කර ප්‍රදේශයයේ ආරක්ෂාව තහවුරු කර ඇති බව අද උදෑසන මාධ්‍ය වාර්තා කළා.
මීට මූලික හේතුව රටේ පවතින ඉන්ධන අර්බුදයට පිළියම් වශයෙන් මෙතෙක් ජනතාවට නිසි විසඳුමක් නොලැබීමයි. කෙසේ වෙතත් ගැටුමට සම්බන්ධ කීප දෙනකු පොලිස් භාරයට ගෙන පරීක්ෂණ කරන බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසා තිබේ.