තවත් අලුත් එන්නතක් ගහන්න WHO කුරුමානම් අල්ලයි!

ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය ඇතුළු තවත් රටවල් කීපයක පැතිරී ගිය ”මන්කි ෆොක්ස්” (Monkey Fox) රෝගය වැළඳුණු සිය ගණනක් පිරිස වාර්තා වීමත් සමග නව එන්නත් බෙදා හැරීමේ යාන්ත්‍රණයක් වහා ක්‍රියාත්මක කෙරෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (HWO) පවසනවා.

මෙහි දී විශේෂ වන්නේ අප්‍රිකාව ආශ්‍රිත කලාපයේ රටවල් 30 ට වඩා වැඩි ප්‍රමාණයක “මන්කි ෆොක්ස්” වසංගතය පැතිරීම නැවැත්වීම සඳහා නව එන්නත් බෙදා ගැනීමේ යාන්ත්‍රණයක් නිර්මාණය කර කඩිනමින් ක්‍රියාත්මක කිරීමය.

එමෙන් ම මේ අසාමාන්‍ය ලෙස පැතිර යන රෝග තත්වය පාලනය සඳහා ගෝලීය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ යුතු ද නැද්ද යන්න සාකච්ඡා කරනු පිණිස සංවිධානයේ විශේෂඥ කමිටුව කැඳවීමට සූදානම් වන බව ද සඳහන්.

කෙසේ වෙතත් ඉතා කඩිනමින් සති කිහිපයක් වැනි කෙටි කාලයකින් මෙම එන්නත් යාන්ත්‍රණය සූදානම් කරන බවත් මුල පිරීමක් ලෙස සාධාරණ ලෙස මෙය බෙදා ගැනෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්  ටෙඩොස් ඇඩනම් (Tedros Adhanom) පවසන බව විදෙස් පුවත් වාර්තා කරනවා.

රෝගය ගෝලීය වසංගතයක් වුණොත් නැවත එන්නත් විද ගන්නට අපටත් සිදු වේද? එබැවින් රෝගය බෝ වීමට බලපාන හේතු සාධක පිළිබඳ දැනුම්වත් වීම, සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම අත්‍යවශ්‍ය නොවන්නේ ද ? සිරුරේ නිසි ප්‍රතිශක්තිය වඩවා මේ පිළිබඳ විමසිලිමත් වෙන්නැයි ලංකා සී වොයිස් ද කල් වේලා ඇතිව ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

About Author

Leave A Reply

Send this to a friend