ඉදිරි සති කීපයේ දී රටේ ඉන්ධන අර්බුදය තවත් වර්ධනය වන බැවින් නැවත ඉන්ධන නොලැබුණහොත් පවතින සංචිත අහවර වීමෙන් වරාය දෛනික කටයුතු අඩපණ වී අක්‍රිය තත්වයකට යා හැකි බව පැවසේ.
ඉන්ධන අර්බුදයත් ඩොලර් අර්බුදයත් යන කාරණා දෙකම මත මෙරටට නැව් පැමිණීම අඩු වීම හා වරාය දෛනික පර්යන්ත මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කරවීම සඳහා අවශ්‍ය ඉන්ධන ශීෂ්රයෙන් නොලැබී යාම සිදු වුවහොත් දැනට පවත්වාගෙන යන සේවා සියල්ල ඇනහිටීම වළක්වනු බැරි බව අනතුරු හඟවමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය කල්තියා ම පවසා තිබේ.
එබැවින් බලධාරීන් මේ සම්බන්ධව ඉක්මන් සුදුසු තීරණ ගනු ඇති බව ඔවුන්ගේ අපේක්ෂාවයි.