රස ලොව රජ කිරුළ ගෙනා මිනේක වික්‍රමසිංහ මහතා දැයෙන් සමු ගනී!

ශ්‍රී ලංකාව මෙන් ම ජාත්‍යන්තරය ද ජය ගත් මන්චි නාමය යටතේ බිස්කට් හා රසකැවිලි වර්ග රැසක් ආශ්‍රිත ව ව්‍යාපාර රැසක් නිර්මාණය කළ සීබීඑල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා හිටපු සභාපති මිනේක වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප‍්ත වී තබේ.

මිය යන විට ඒ මහතා 86 වැනි වියේ පසු වූ අතර හැටේ දශකයේ පාසල් සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතියෙන් පෝෂ්‍යදායී ඇදිහැස බිස්කට් නිර්මාණයෙන් ඉතා දුෂ්කර සීමා බාධක ඔස්සේ ආරම්භ කළ ඔහුගේ ව්‍යාපාරික හැකියාව අද වන විට මන්චි, රිට්ස්බරි, ලංකාසෝයි, සමපෝෂ, ටියාරා, සේරා වැනි වෙළඳ නාම රැසක් යටතේ නිෂ්පාදන රැසක් දේශීයවත් විදේශීයවත් අලෙවි කරමින් අතු පතර විහිදා වැඩී තිබේ.

1968 වසරේ දී ආරම්භ කරන ලද ඔහුගේ මන්චි ආයතනයේ වසර 48 ක් සභාපතිත්වය දැරූ අතර 2015 වසරේ පටන් ඔහුගේ පුතකු වන රම්‍ය වික්‍රමසිංහ මහතා මේ දක්වා සභාපතිත්වය දරයි. දෙස් විදෙස්  ජය ගනිමින් ජාත්‍යන්තර ස්පාර් වෙළඳ ජාලයේ ලංකා නියෝජිතභාවය ද ගොඩ නගා ගැනීමට තරම් එය අද දියුණු වී තිබේ.

එවන් ව්‍යාපාර ජාලයක් ගොඩ නගමින් ජන ජීවිතයට ශක්තියක් ලෙස රැකියා අවස්ථා රැසක් උත්පාදනය කරමින් කීර්තිමත් ව්‍යාපාරයක් තැනූ මිනේක වික්‍රමසිංහ මහතාට නිවන් අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමු.

About Author

Leave A Reply

Send this to a friend