අපේ ක්‍රීඩක සුමේධ රණසිංහට ස්විට්සර්ලන්තයේ දී ක්‍රීඩා ජයක් !

ස්විට්සර්ලන්තයේ අගනුවර වන බෙයන් (Bern) හි දී පැවැත් වූ අන්තර්ජාතික මලලක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනකු එක් ජයග්‍රහණයක්  හා අවස්ථා කිහිපයක් හිමිකර ගත් බව වාර්තා වේ.

ශ්‍රී ලාංකික මලල ක්‍රීඩා කණ්ඩායමක් ස්විට්සර්ලන්තයට ගොස් තරග වදින ප්‍රථම අවස්ථාව වන මෙහි දී සුමේධ රණසිංහ අද පැවැති හෙල්ල හෙල්ල විසි කිරීමේ තරගයෙන් තෙවන ස්ථානය (මීටර. 74.55) ජයග්‍රහනය කර තිබේ.

පසුගිය සෙනසුරාදා ජිනිවාහි දී පැවැති දුර පැනීමේ තරගයෙන් සාරංගි ද සිල්වා ක්‍රීඩිකාව සිව්වන ස්ථානය (මීටර 6.19) හිමි කර ගත් අතර ගයන්තිකා අබේරත්න මීටර. 800 දිවීමේ තරගයේ 6 වෙනි ස්ථානයත් (මිනිත්තු 2.04) කාලිංග කුමාරගේ මීටර 400 තරගයේ 6 වන ස්ථානයත් (තත්පර 46.36) හිමි කර ගත්තේ ය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීමට බෙයන් නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික බොහෝ පිරිස් පැමිණ සිටිනු දක්නට ලැබුණු අතර ඔවුහු ඉතාමත් විනෝදයෙන් සහ උද්යෝගයෙන් තම රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කරනු දක්නට ලැබීම පැමිණ සිටි ස්විස් ජනතාව ගේ ද විශේෂ අවධානයට සහ පැසසුමට ලක් විය. ශ්‍රී ලංකා ධජය සහ ක්‍රීඩාලෝලීන් කිහිප විටක් ම ස්විස් රූපවාහිනි කැමරාවලට හසුවනු ද දක්නට ලැබිණි.

ලංකා සී වොයිස් ද ජයග්‍රහණවලටත් ක්‍රීඩා කණ්ඩායමටත් සුබ පතන අතර රනිල් ජයනෙත්ති, ස්විට්සර්ලන්තයේ බෙයන් නුවර සිට වාර්තා කරයි.

ඡායාරූප

About Author

Leave A Reply

Send this to a friend