සර්වඥ ධාතු උත්සවය වැළැක්වීම TNA කඩාකප්පල්කාරී වැඩක්ද?

මුලතිව් කුරුදුමලෙයි ඓතිහාසික කුරුන්දි විහාරයේ සර්වඥ ධාතුන්වහන්සේලා තැන්පත් කිරීමේ උත්සවය පොසොන් මාසය වන මේ මස 12 වැනිදාට යෙදී තිබුණ ද දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජාතික ජනතා පෙරමුණ සහ ප්‍රදේශවාසීන් කොටසක් විසින් පවත්වන ලද විරෝධතාවක් හේතුවෙන් එම උත්සවය කල් දමා තිබේ.

මෙම අකටයුතු ක්‍රියාව පිළිබඳ මාධ්‍ය වාර්තා පලවුණේ අවම වශයෙන් වන අතර එතරම් ප්‍රසිද්ධියක් නොලැබුණි. ඓතිහාසික කුරුන්දි විහාරයේ  සංරක්ෂණය කෙරුණු චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදිරිපිට දී මෙම විරෝධතාව කළ බැවින් සර්වඥ ධාතුන්වහන්සේ තැන්පත් කිරීම කල් දැමිණ. මෙහිදී විරෝධතාකරුවන් ඉල්ලා ඇත්තේ …“කුරුදුමලෙයි විහාර භූමිය සම්බන්ධයෙන් මුලතිව් අධිකරණය මගින් නඩු නියෝගයක් ලබා දී ඇති හෙයින් එම අධිකරණ නියෝගය කඩකරමින් අලුතින් ගොඩනැගිලි ඉදිකිරීමට ආරක්ෂක අංශ සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පියවර ගන්නා බැවින් වහාම අදාළ ඉදිකිරීම් නවතා දමන ලෙසට” ය.

නමුත් මේ පිළිබඳව අදහස් පල කළ විහාරාධිපති උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමියන් ප්‍රකාශ කර ඇත්තේ.. “අධිකරණය නියෝගයේ තියෙන්නේ පැහැදිලිවම පුරාවිද්‍යා කටයුතුවලට කිසිදු බාධාවක් නොවිය යුතු බවටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කරන සංරක්ෂණ කටයුතුවල දී ප්‍රදේශයේ පිහිටි අදාළ ආයතන දැනුම්වත් කොට සිදු කළ යුතු බවටත් එවැනි අවස්ථාවල ජනතාවට බාධාවක් හෝ ගැටුමක් සිදු නොවන ආකාරයට කටයුතු කළ යුතු බවත් ය.

මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට සැක බවත්  ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද පූජා භූමියට වැඩම කළ බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතා ද පැමිණ අදාළ නිලධාරින් ද සමගින් විරෝධතාකරුවන් හා සාකච්ඡා කළ බවත් නැවත මුලතිව් දිසාපතිවරයා හා සමග විරෝධතාකරුවන් ඇතුළු සියලු පාර්ශ්ව හමුවී සාකච්ඡා කරන බවටත් ඊට පසුව ධාතු තැන්පත් කිරීමේ උත්සවය නැවත පවත්වන බවටත්” ය.

බුද්ධශාසන කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ සහ ශ්‍රීලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය ද තාක්ෂණික දායකත්වයෙන් බෞද්ධාලෝක පදනමේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් ද මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ රණවිරුවන්ගේ සහ සිවිල් ආරක්ෂක බලකායේ ශ්‍රම දායකත්වයෙන් ද මෙම චෛත්‍ය සංරක්ෂණය කර තිබේ.

මෙම පුවත වාර්තා කර තිබුණු වන්නි, රොමේෂ් මධුෂංඛ මාධ්‍යවේදි මහතාට අපගේ ගෞරවනීය ප්‍රණාමය හිමි වේ.

About Author

Leave A Reply

Send this to a friend