සභාපති ප්‍රකාශය නිසා ලොකු කලකිරීමක් ඇති වුණා !

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ බලපෑමට ලක්ව ශ්‍රී  ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ බලශක්ති ව්‍යාපෘතියක් ඉන්දීය අදානි සමාගමට ලබා දෙන්නට සැලැස්වූ  බව කියමින් ශ්‍රී ලංකාවේ නිලධාරියෙකු සිදු කළ බරපතල ප්‍රකාශයෙන් මතභේදාත්මක කලකිරීම් තත්ත්වයක් ඇති වූ බව එම සමාගම ප්‍රකාශ කර තිබේ.

“අසල්වැසි රටවල් වන අප අතර සුහදතාවයෙන් වටිනා ආයෝජනයක් සිදු කර ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවක් සපුරා දීමට අප සමාගම ගත් උත්සාහයත් අතීතයේ සිටම අපගේ ජාතීන් දෙක බෙදා හදාගත් වටිනාකම් රැක ගන්නට තිබූ නමුත් එය පලුදුව ගිය බවත් සිදු වූ මෙම මතභේදාත්මක පුවත් නිසා සමාගමේ කීර්ති නාමයට වූ හානිය සම්බන්ධයෙන් අතිශය කලකිරීමකින් පසු වන බවත්” ගෞතම් අදානි මහතා ප්‍රකාශ කර තිබේ.

සභාපති ධූරයෙන් ද මේ වන විට ඉවත් වූ විදුලි සභාපතිවරයා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය වූයේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අගමැති මෝදි කී නිසා මෙම ව්‍යාපෘතිය අදානි සමාගමට දෙන්නැයි තමන්ට පැවසූ නිසා ඒ අනුව කටයුතු කළ බවකි. නමුත් කෝප් කමිටුවට ඒ සියල්ල වැරදි බව පවසමින් ඔහු ඊට පසුව නැවත ලිපියක් ඉදිරිපත් කර පවසාතිබුණි. රාජ්‍ය නිලධාරියකු වශයෙන් මෙසේ දෙබිඩි පිළිවෙතක හැසිරීම කොතරම් යුක්ති යුක්තදැයි අපට ම පැනයක් ඇති මුත් අද වන විට ඔහු වහා සේවයෙන් ඉවත් ව ඇත.

About Author

Leave A Reply

Send this to a friend