උද්ධමනය මෙහෙම ගියොත් පාන් රාත්තල රු.1790 ක් වෙනවා. මේක හරි භයානකයි !

අධි උද්දමනය (High inflation) නිසා අද රු.100 ට ගන්නා සෑම භාණ්ඩයක් ම ලබන දෙසැම්බරය වන විට රු.1790 ක් වන බව පවසමින් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ඉතා භයානක ප්‍රකාශයක් කර තිබේ. ඔහු පවසන්නේ තවම මෙම අධි උද්ධමනයේ භයානක බව අපට එතරම් බරපතල ලෙස නොතේරෙන බවයි.

මාර්තු මාසයේ උද්ධමනය 18.2% ක් වූ බවත් අප්‍රේල්වල මෙය 30% ක් වූ බවත් මේ මාසේ 33.3% ක් වෙලා හැම මාසෙම මේ විදිහට 30% ගානෙ වැඩි වුණොත් ආර්ථිකය අන්තිම භයානක බවත් රු.100 ට ගන්නා සෑම බඩුවක් ම දෙසැම්බරය වෙද්දි රු.1790 ක් වන බවත් අපි ඔක්කොම මේ අගාධයේ ගිලෙන බවත් ඒ මහතා කියයි.

දෙසැම්බරය වෙද්දී රු.100ට ගන්නා පාන් රාත්තල රු.1790 ක් වන බවත් දැන් රු.100ට  යන කිලෝමීටරයට රු.1790 ක් ගෙවා යාමට සිදු වන බවත් පවසන ඒ මහතා අපි ලයිට්, ගෑස්, කිරි පිටි, සීනි, හාල්, විදුලිය, පරිප්පු, සැමන් ටින්කෑම, බීලූනු, හාල් මැස්සො, පාන්, රෙදි, කාර් වාහන, ඉන්ධන ආදී එදිනෙදා පරිහරණය කරන මේ හැමදේට ම මෙතෙක් කල් ඩොලර් වලින් ජීවත් වූ බැවින් මෙවැනි ඉරණමක් අත් වන බව ද කියා සිටී.

මේ තත්වය සියලුම දෙනාට එක සේ බලපාන බවත් එදා වටුවෝ සියල්ල එකතු වෙලා දැල උස්සලා බේරිලා ගියා වගේ අපි සියලු දෙනාම එක්ව මේ අධි උද්ධමනය මග හැරීම සඳහා උත්තර සෙවිය යුතු බවත් ඔහු වැඩි දුරටත් අවධාරණය කර සිටී.

ඒ මහතා මේ බව පැවසුයේ ”නෙත් එෆ් එම්- බැලුම්ගල” වැඩසටහනට සහභාගි වෙමිනි.

About Author

Leave A Reply

Send this to a friend