තුර්කිය නම වෙනස් කරයි.. මෙන්න අලුත් නමට හේතුව!

යුරෝපා රටක් වන තුර්කි රාජ්‍ය සිය නම වෙනස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කළ ඉල්ලීමට අනුව “”තූර්කියේ”” (TÜRKIYE) ලෙස නව වෙනසකට ලක් කර ඇත. තුර්කි රජය මෙම නම හුවා දක්වමින් ඉදිරිපත් කරන්නේ එය තම රටේ ජාතියේ සංස්කෘති සාරධර්ම, ශිෂ්ටාචාරික අනන්‍යතාව පිළිබිඹු කළ හැකි හොඳම නම ලෙසයි. එබැවින් දැනටමත් ඔවුන් එය කිසිදු ආරවුලක් නොමැතිව භාවිත කරන බව වාර්තා වේ.

තුර්කි සමූහාණ්ඩුව යුරෝපා රටක් වන අතර එය බටහිර ආසියා ඇනටෝ‍ලියන් අර්ධද්වීපය  ඔස්සේ ට්‍රේස්හි ගිනිකොණ යුරෝපය දක්වා විහිදේ. එහි මායිමේ රටවල් අටක් වන අතර වයඹ දෙසින් බල්ගේරියාව, බටහිරින් ග්‍රීසිය, ඊසාන දෙසින් ආමේනියා අසර්බයිජානය, නැගෙනහිරින් බටහිර ඉරානය, ගිනිකොණ දෙසින් ඉරාකය සහ සිරියාව දකුණු දෙසින් මධ්‍ය ධරණී මුහුද හා සයිප්‍රසය, බටහිර දෙසින් එයිගියන් මුහුද සහ උතුරින් කළු මුහුද ට අයත් වේ.

ජනගහනයෙන් බහුතරයක් ජනවාර්ගික තුර්කි හා කර්ටිස් වේ. එරට ප්‍රබලතම ආගම වන්නේ ඉස්ලාම්ය. රාජ්‍ය භාෂාව වන්නේ තුර්කිය. අගනුවර අන්කරා වන අතර තුර්කිය ඔටෝමන් අධිරාජ්‍ය‍යේ අනුප්‍රාප්තිකයෙකි. තුර්කිය ප්‍රජාතන්ත්‍රවාදි ලෞකික එකමුතු ව්‍යවස්ථදායක සමූහාණ්ඩුවකි. 1923 මුස්තෆා කොමාල්ගේ නායකත්වයෙන් දේශපාලන පද්ධතිය පිහිටුවන ලද පසු තුර්කිය බටහිර හා සමඟ බද්ධ වී ඇති අතර යුරෝපා කවුන්සිලය, නේටෝ, ඕ.ඊ.සී.ඩී (Organization for Economic Co-operation and Development), ඕ.ස්.සී.ඊ (Organization for Security and Co-operation in Europe) සහ ජී 20 (G-20) කණ්ඩායම යන සමුළුවල සාමාජිකත්වය ද දරයි.

තුර්කි විදේශ අමාත්‍ය Mevlut Cavusoglu විසින් කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරේස් විසින් මෙම නව නාමයි පිළිගෙන ප්‍රකාශයට පත් කර තිබේ.

About Author

Leave A Reply

Send this to a friend