21 සංශෝධනයට ජනමතවිචාරණයක් ඕනේ.

මේ වන විට සමගි ජනබලවේගය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ජනමතවිචාරණයකදි ජනතාවගේ අනුමැතිය ලැබිය යුතුබව නීතිපතිවරයා විසින් කතානායකට දන්වා ඇත.

යෝජිත 21 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව දේශප්‍රේමි ජාතික පෙරමුණ වෙනුවෙන් එහි මධ්‍ය මණ්ඩල සභික නීතීඥ නුවන් බැල්ලන්තුඩාව සහ ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන් වෛද්‍ය ගුණදාස අමරසේකර විසින් ගොනුකර ඇති නඩුව අද ශ්‍රේෂ්ඨාධිකරණයේදි විභාගයට ගත් අවස්ථාවේදි නීතිපති දෙපාර්තමේන්තුව විසින් මේ බව අධිකරණයට සැලකර සිටියේය.

About Author

Leave A Reply

Send this to a friend