විජේදාස රාජපක්ෂගේ ව්‍යවස්ථා කෙටුම්පත ඉල්ලා අස් කර ගනියී.

ජනාධිපතිධූරයේ බලතල අඩු කිරිම සඳහා පුද්ගලික මන්ත්‍රිවරයකුගේ යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුව න්‍යාය පත්‍රයට ඇතුල් කර තිබු 22 වන සංශෝධනය ඉල්ලා අස් කර ගන්නා බව ඔහු විසින් කතානායකවරයාට දන්වා ඇත. නීතිපති දෙපාර්තමේන්තුව විසින් මේ කරුණු හෙළිදරවු වුයේ දේශප්‍රේමි ජාතික පෙරමුණ විසින් 22 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදිය.

කෙසේ වුවද විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා විසින් 22 වන සංශෝධනය වෙනුවට වෙනත් සංශෝධන කෙටුම්පතක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇතිබව වාර්තා වේ. ස්වාධීන පක්ෂ 10 කණ්ඩායම සහ ජාතික සංවිධාන විසින් 22 වන සංශෝධනයට එරෙහිව කරන ලද සංශෝධන මග හැර යෑම සඳහා වෙනස් සංශෝධනයක් ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමේ සුදානමක් ඇතිබව ලංකාසීවොයිස් තතු දත් ආරංචි මාර්ග තහවුරු කරයි.

About Author

Leave A Reply

Send this to a friend