බලහත්කාරී එන්නත්කරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 2ක්

සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් ඉකුත් 2022 ජනවාරි 25 වැනි දින “පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින් ප්‍රසිද්ධ ස්ථාන වලට ඇතුලුවීම වළක්වමින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයට විරුද්ධව ආචාර්‍ය නෙම්සිරි ජයතිලක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත්කරණු ලැබුවා, වැඩිටදුරටත් අදහස් දැක්වූ ජේෂ්ඨ කථිකාචාර්‍ය නෙම්සිරි ජයතිලක මහතා ප්‍රකාශකර සිටියේ, “සෞඛ්‍ය ඇමතිවරයා ව්‍යවස්ථාවේ වගන්ති කිහිපයක්ම කඩ කරමින් ගෙන ආ අසාධාරණ සහ නීති විරෝධී ගැසට්ටුව මගින් පර්යේශණ මට්ටමේ ඇති මෙවැනි එන්නතක් අනිවාර්‍ය කිරීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවෙන බවත්ය” මෙම අවස්ථාවට සහභාගී වූ නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා ප්‍රකාශකර සිටියේ “එන්නත ගැනීම හා නො ගැනීම මත පොදු ස්ථාන වලට ඇතුලුවීමට තියෙන අයිතිය උල්ලංඝනය කිරීමෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12.1 වගන්තිය යටතේ සෑම පුද්ගලයෙකුටම හිමිවිය යුතු සමානාත්මතාව අයිතිය අහිමිවී ඇතිබවත් එමෙන්ම පොදු ස්ථාන වලට ඇතුලු වීම යෑම් ඒම් කිරීම සඳහා 14 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ හිමිවී ඇති අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත්, මෙයට අමතරව දේශීය වෛද්‍යවරුන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 14.1 ව්‍යවස්තාව යටතේ තමන්ගේ වෘත්තිය කිරීමට ඇති අයිතිය උල්ලංඝනය වී ඇති බව්ත්ය. මෙහි වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලේ, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් අසේළ ගුණවර්ධන, පොලිස්පති ඇතුලු නිළධාරීන් 12 දෙනෙකු නම්කර තිබුනා.

 

 

About Author

Leave A Reply

Send this to a friend