එන්නත් අනිවාර්‍යකරණයට එරෙහිව ගොණුකළ පෙත්සම 14 සඳුදා විභාගයට

වෛද්‍ය ඩැනිස්ටර් එල් පෙරේරා සහ ජ්‍යෙෂ්ඨ කඨිකාචාර්‍ය නෙම්සිරි ජයතිලක යන මහත්වරු විසින් අනිවාර්ය එන්නත්කරණය සඳහා වූ ගැසට් පත්‍රයට එරෙහිව ගොණුකළ  මූලික අයිතිවාසිකම් කඩකිරීමේ පෙත්සම ලබන සඳුදා 14, මාර්තු 2022, පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතයි. මෙහිදී ගරු ප්‍රියන්ත ජයවර්ධන, හරු පද්මන් සූරසේන, ඊ.ඒ.ජී.ආර් අමරසේකර, ගරු ශිරාන් ගුනරත්න යන මහත්වරු සහ ගරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගනු ඇත.

මෙහි ප්‍රධාන වග උත්තර කරුවන් ලෙස සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, රාජ්‍ය අමාත්‍ය සුදර්ෂණී ප්‍රනාන්දුපුල්ලේ, සෞඛ්‍ය සේවා අධ්‍යකෂක ජෙනරාල් අසේළ ගුණරත්න, පොලිස්පති ඇතුලු 12 දෙනෙකු නම්කර තිබෙනවා. අප්‍රේල් 30 වෙනිදායින් පසු පූර්ණ එන්නත්කරණයට ලක් නො වූවන් පොදු ස්තාන වලට ඇතුලු වීම වළක්වමින් ඉකුත් ජනවාරි 25 වෙනිදා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලේ විසින් නිකුත් කර තිබුන ගැසට් පත්‍රයට එරෙහිව මෙම මූලික අයිතිවාසිකම් කඩකිරීමේ පෙත්සම ඉදිරිපත් කිරීමට පැමිණිලි පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත් වූයේ ජනාධිපති නීතීඥ නීල් උණම්බූව මහතා සහ නීතීඥ නුවන් බැල්ලන්තුඩාව යන මහත්වරුන්.

About Author

Leave A Reply

Send this to a friend