ජර්මනියේ නව චාන්සලර්වරයා ලෙස ඔලාෆ් ෂොල්ස් මහතා එරට පාර්ලිමේන්තුව විසින් තෝරා පත්කරගෙන තිබෙනවා.
අද පැවති ඡන්ද විමසීමේදී ඔහුට පක්ෂව ඡන්ද 395 ක් හිමිවූ අතර විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 303 ක් පමණයි.
මේ අනුව වසර 16 ක් ජර්මනියේ චාන්සලර් ධුරය දැරූ ඇන්ජලා මර්කල් මහත්මියගේ දේශපාලන දිවියද නිමාවකට පත්වීම විශේෂත්වයක්.