ඉදිරි දශකය තුළ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ මට්ටම 1.5 C ඉක්මවා යා හැකියි

දේශගුණික විපර්යාස ඉතා වේගයෙන් සිදුවීම හමුවේ ඉදිරි දශකය තුළ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ මට්ටම සෙල්සියස් අංශක 1.5 ඉක්මවා යා හැකි බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් දකුණු ආසියාවේ බොහෝ වෙරළබඩ ප්‍රදේශ ගංවතුර අවදානමකට ලක්වීමේ අවධානමක් පවතින බවයි අබුඩාබි නුවර පැවැත්වෙන 05 වන ඉන්දීය සාගර සමුලුව අමතමින් ඔහු පෙන්වා දුන්නේ.

මාලදිවයින දැනටමත් එහි ගොදුරක් බවට පත්ව ඇති බවද වික්‍රමසිංහ මහතා සඳහන් කලා.

2050 න් ඔබ්බට ගල් අගුරු භාවිතය ගෝලීය උණුසුම තවත් උග්‍ර කරනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

About Author

Leave A Reply

Send this to a friend