රැකියාවන් සදහා විදෙස් ගතවන තරුණ පිරිස වැඩිවීම ඉතා හොද ප්‍රවණතාවක් බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

අද කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා සදහන් කළේ මුදල් අමාත්‍යංශය සහ අගමන විගමන දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර ඊට අදාළ පහසුකම් කඩිනමින් ලබා දීමට දැනටමත් කටයුතු කරමින් පවතින බවයි.

විදේස් ගත ශ්‍රමිකයින් දිවයිනට මුදල් එවීමේදී නිල වශයෙන් සිදුකිරීම පිළිබද විශේෂ අවධානයකින් යුතුව කටයුතු කරන බවයි අජිත් නිවාඩ් කබ්රාල් මහතා සදහන් කළේ.

රටේ ණය වාරිග ගෙවීම සදහා අවශ්‍ය මුදල් මේ වන විටත් වෙන්කර ඇති බවයි මහ බැංකු අධිපතිවරයා සදහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error

Enjoy this blog? Please spread the word :)