ප්‍රංශය සහ එංගලන්තය අතර මුහුදු කලාපයේදී බෝට්ටුවක් ගිලී යාමෙන් අනවසර සංක්‍රමණිකයන් 27 දෙනෙකු මියගොස් තිබෙනවා.

තවදුරටත් අතුරුදන්වූවන් සොයා එංගලන්ත සහ ප්‍රංශ බළධාරීන් විසින් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මැද පෙරදිග සහ අප්‍රිකා මහද්වීපයේ සිට පැමිණි පිරිසක් මෙම අනතුරට ලක්වී තිබෙනවා.

2020 වසර හා සැසඳීමේදී බෝට්ටු මගින් බ්‍රිතාන්‍යයට පැමිණෙන්න් සංඛ්‍යාව 03 ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි සංඛ්‍යාලේඛණ පෙන්වා දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error

Enjoy this blog? Please spread the word :)