හිටපු ජනාධිපතිතුමා ඇඳුම් ඇඳගෙනද ඡන්දය ඉල්ලන්නේ ?#*

මීට වසර දෙකකට පෙර 2019 අපේ‍්‍රල් 21 පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ දී මියගිය අයට මෙතෙක් සාධාරණය ඉටුනොවීම ගැන තමන්ගේ අප‍්‍රසාදය පළ කරන බවද කාදිනල්තුමා කීය.

  • අපේ‍්‍රල් 21 වැනිදාට කලින් මේකට අදාළව ක‍්‍රියාත්මක වුණේ නැත්නම් අපි පාරට බහිනවා.
  • විනාශය වළක්වන්නට වගකීම් ඉෂ්ට නොකරපු අය වාර්තාවේ පැහැදිලිව තියනවා තවත් මස – අවුරුදු ගණන් බලාගෙන ඉන්නෙ මොකටද ?
  • සෙප්පඩ විජ්ජාව කරන්න එපා අපිත් එක්ක. ඔය රැවටිලිවලට අපි හසුවෙන්නේ නැහැ මීට පස්සේ වැරදිකාරයන්ට දඩුවම් කරන්න වහාම කටයුතු කරන්න.

මෙහිදී තවදුරටත් කියා සිටියේ
අපේ හිටපු ජනාධිපතිතුමා ඡන්දය ඉල්ලනවයි කියලා කතාවක් යනවා. මම අහන්න කැමතියි එතුමාගෙන් ඇඳුම් ඇඳගෙනද මේ කතාව කියන්නෙ කියලා.
අපේ මිනිසුන්ගේ මරණ ගැන දැන දැනත් යුතුකම් අමතක කරලා දාලා පිටරටට ගිය හිටපු ජනාධිපතිතුමා කොහොමද ආයෙත් සැරයක් ඡන්දය ඉල්ලන්නේ?
කොහොමද පක්‍ෂයක නායකයෙක් වෙන්නේ?
ඒක මට ලොකු ප‍්‍රශ්නයක්. ඒ නිසා මම රජයෙන් ඉල්ලා සිටිනවා කොමිෂන් සභා වාර්තාවේ එතුමා වරදකරුවෙක් හැටියට හඳුන්වලා තියෙනවා. එහෙනම් එතුමාට විරුද්ධව ගන්න ඕන ක‍්‍රියාමාර්ගය නීතිමය වශයෙන් ගන්නට තවත් පරක්කු කරන්නට අවශ්‍ය නැහැ.
දෙවනුව පොලිසියේ උසස්ම නිලධාරියෙක් අද සීනියර් ඞී. අයි. ජී. කෙනෙක්ගේ පෝස්ට් එකේ ඉන්නවා කන්ද උඩරට. මේ පිළිබඳව දැන ගෙන මොකුත් කළේ නැහැ කියන චෝදනාව එයාට තියෙනවා.
මේ වගේ විනාශයක් කරපු මේ විනාශය වළක්වන්නට තමන්ගේ යුතුකම ඉෂ්ට නොකරපු ඒ නායකයන් ඒ වගකිවයුත්තන් පාස්කු ප‍්‍රහාරයේ වාර්තාවේ පැහැදිලිව නම් කරලා තියෙන අය ගැන තවත් බලාගෙන ඉන්නෙ මොකටද මාස ගණන් අවුරුදු ගණන්. මම ඒක දැන ගන්න කැමතියි ජනාධිපතිතුමාගෙන් සහ රජයෙන්.
අනික් එක මේ වැඩ කටයුතුවලට සම්බන්ධවෙච්ච සමහර ඇමැතිවරු ගනුදෙනු කරපු අය බොහොම නිදැල්ලේ හැසිරෙනවා. ඒ මැති ඇමැතිවරු පාර්ලිමේන්තුවේ වාඩිවෙලා ඉන්නවා. සහරාන්ලත් එක්ක හොඳට හිනාවෙලා කටයුතු කරපු අය. ඒක අපේ ජනතාවට අපහසායක්.
මේ අපේ‍්‍රල් 21 වැනිදාට කලින් මේකට අදාළව ක‍්‍රියාත්මක වුණේ නැත්නම් අපි පාරට බහිනවා. අපි නිහඬව ඉන්නේ නැහැ රට කරවන නායකයෝ ඒක හොඳට මතක තියාගන්න.
කොමිෂන් සභාව අවුරුදු එකහමාරක් විතර තිස්සේ හොයලා බලලා ඉවරවෙලා යම් කිසි කෙනෙකුට විරුද්ධව ක‍්‍රියාකරන්නෙයි කියලා නිර්දේශ කළානම් ආණ්ඩුව මොකටද තවත් තෝර තෝරා ඉන්නේ. ඒක සාධාරණ නැහැ. කරුණාකරලා මේ සෙප්පඩ විජ්ජාව කරන්න එපා අපිත් එක්ක. ඔය රැවටිලිවලට අපි හසුවෙන්නේ නැහැ මීට පස්සේ වැරදිකාරයන්ට දඩුවම් කරන්න වහාම කටයුතු කරන්න.
තමන්ගේ අතේ වැරදි තියාගෙන අත හෝදගන්න යන්න එපා කියලා මම මේ අදාළ නායකයන්ට කියනවා. ගෙදර ගිහිල්ලා වැඩක් බලාගන්න. තමන්ගේ වගකීම් ඉෂ්ට නොකර දැන් වගකීම් ඉල්ලන්නේ කොහොමද ඇඳුම් ඇඳගෙනද වගකීම්වලට කරගහන්න එන්නේ. ඒක මම දැන ගන්න කැමතියි.
පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ සියලූ වැරදිකරුවන්ට වහා නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ඊයේ (04 වැනිදා) පැවසූහ. උන්වහන්සේ එසේ පැවසූයේ කොළඹ කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දෙව් මැඳුරේ පැවැති විශේෂ දේව මෙහෙයට සහභාගි වී පිටතට පැමිණ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

 86 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments