පිළිකා කාරක පොල්තෙල් ගෙන්වූ සමාගම් වලින් 1ක් පොල්තෙල් ප්‍රතිඅපනයනයට

ප්‍රමිතියෙන් තොර බවට තොරතුරු අනාවරණය වූ පොල්තෙල් ආනයනය කළ සමාගම් තුනෙන් එක් ආයතනයක පොල්තෙල් ප්‍රතිඅපනයනය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රි ලංකා රේගුව පවසයි.
ඒ අනුව “කටාන රිෆයිනරීස් සමාගම” විසින් මෙරටට ගෙන එන ලද පොල්තෙල් ප්‍රතිඅපනයනය කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රි ලංකා රේගුව සඳහන් කළේය.
සමාගම් තුනක් විසින් මෙරටට ගෙන් වු පිරිපහදු නොකළ පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් පිළිකා කාරකය ඉතා ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බවට පසුගියදා තොරතුරු අනාවරණය විය. මෙම පොල්තෙල් සම්බන්ධයෙන් සිදුකළ දෙවන තත්ත්ව පරික්ෂාවේදී ද එම පොල්තෙල්වල අදාළ පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බව සනාත විය.
ඒ අනුව එම පොල්තෙල් තොග ප්‍රතිඅපනයනය කරන ලෙස ශ්‍රී ලංකා රේගුව අදාළ සමාගම්වලට දැනුම්දුන්නේය.
එහිදී අදාළ සමාගම් ගෙන්වූ පොල්තෙල් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ කටයුතු මේ වන විට අවසන්ව ඇති අතර ඒ අනුව ප්‍රථමයෙන් කටාන රිෆයිනරීස් සමාගමේ පොල්තෙල් තොග ප්‍රතිඅපනයනය කිරීම සඳහා පියවර ගෙන තිබේ. මෙම සතිය තුළ දී අදාළ පොල්තෙල් තොග ප්‍රතිඅපනයනය කරන බව රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත් රවිප්‍රිය මහතා සඳහන් කළේය.
එමෙන්ම අද දිනයේ තවත් එක් සමාගමක පොල්තෙල් සාම්පලවල පරීක්ෂණ වාර්තා ලබාගැනීමට නියමිත බව ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

 106 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments