පිරිපහදු නොකළ පොල් තෙල් රටට ගෙන්වීම හැකි ගැසට් එක අවලංගු කරනවා

පිරිපහදු නොකළ පොල් තෙල් රටට ගෙන්වීම සම්පූර්ණයෙන්ම නවතා දමන බව වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති අරුන්දික ප‍්‍රනාන්දු මහතා ඊයේ (01දා) පැවසීය. පිරිපහදු නොකළ පොල් තෙල් රටට ගෙන්වීමට හැකි වන පරිදි නිකුත් කර තිබෙන ගැසට් පත‍්‍රය ද අවලංගු කරන බව වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (01දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා සඳහන් කළේය.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පොල් සංවර්ධන අධිකාරිය පැවතියත් රටට ගෙන්වන පොල්තෙල් සම්බන්ධයෙන් බලය පැවරීමක් එම අධිකාරියට ලැබී නැතැයි ද ඇමැතිවරයා තවදුරටත් කියාසිටියේය.

පොල් තෙල් ගෙන්වන ප‍්‍රමාණයන් සහ වර්ගයන් ගැන පොල් සංවර්ධන අධිකාරියේ දත්ත නොමැති බවත් රේගුවෙන් සහ ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුවේ දත්තවලින් පොල් සංවර්ධන අධිකාරිය දත්ත ලබා ගන්නා බවත් ඇමැතිවරයා පැවසීය. මෙම තත්ත්වය හමුවේ පොල් සංවර්ධන අධිකාරියට පූර්ණ බලතල ලබා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව සමග සාකච්ඡුා කර අවශ්‍ය නීති සම්පාදනය කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට තමා උපදෙස් දුන් බවත් වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති අරුන්දික ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය

 70 total views,  4 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments