අලුත් අවුරුදු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අද නිකුත්වෙයි

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අද නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඊට අදාළ විශේෂ සංකච්ඡාවක්ද පවත්වා ඇති අතර, එහිදී ඉදිරිපත් වී ඇති යෝජනා වැඩිදුරටත් සංවාදයට බඳුන් වනු ඇති.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ප්‍රකාශ කළේ සීමාවන්ට යටත්ව මෙවර අලුත් අවුරුදු උත්සව පැවැත්වීම සඳහා අවස්ථාව ලබා දෙන බවයි. එමෙන්ම, අලුත් අවුරුදු සමයේ කොළඹින් පිටවන වෙළඳ කලාප හා ආර්ථික ප්‍රවර්ධන කලාපවල රැකියාවල නියුතු පිරිස් ඉලක්ක කර කොරෝනා පරීක්ෂණ සිදුකරන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළා.
මේ අතර, සිංහල – දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ලබන 06 වැනිදා ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතයි. වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කියා සිටියේ සංචරණ සීමා පනවා නොමැති බැවින් අවුරුදු සමයේදී ප්‍රවාහන පහසුකම් සැලසීමට විශේෂ සැලැස්මක් සකස් කිරීමට එම සාකච්ඡාවේදී කටයුතු කරන බවයි.

 74 total views,  4 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments