දඹුල්ලේ එළවලු අතර මැදියන්ට රජ මගුල්?

යාපනේ ගොවියන් දඹුල්ලේ මිල හොල්ලයි

යාපනේ ගොවීන්ගේ එළවලු අස්වනු අලුත් අවුරුදු උත්සව සමයේ ආරම්භයත් සමගම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ඒම ආරම්භවී ඇති බව දක්නට ලැබේ. මෙලෙස විශාල එළවලු අස්වැන්නක් ලැබීම හේතුවෙන් එළවලු මිල පහත වැටී තිබේ.
විශේෂයෙන් අර්තාපල්, බිට්රුට්, රතු ළුෑණු, මාළුමිරිස්, වට්ටක්ක ඇතුළු එළවලු මෙලෙස යාපනයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්තනයවෙත ලැබෙමින් පවතින බව වාර්තාවේ.
විශාල ලෙස ඉහල ගොස් තිබු එළවලු මිල එක වර පහත වැටීම නිසා පාරිභෝගිකයන් හට අඩු මිලට එළවලු ලබාගැනීමේ සතුටුදායක බලාපොරොත්තුවක් ඇතිවුවද මෙම මිල පහළයාම ගොවීන්ට සතුටුදායක නොවන බවත් ගොවින් හට තම නිෂ්පාදන අලෙවිකරගනිමේදී ඇතිවන තරගකාරිත්වය නිසා අතරමැදියා විශාල වාසි අත්කරගනිමින් ගොවියා අපහසුතාවයට පත්වන තත්වයක් උද්ගතවෙමින් පවතින බවත් ඒ සදහා නිසි බලධාරීන්ගේ අවධානය යොමු කිරීම අවශ්‍ය බවත් එසේ නොවුවහොත් ගොඉවින් දැඩි අපහසුතාවයකට පත්වන බවත් ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණ සිටි ගොවින් සදහන් කර සිටියා.

 96 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments