අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඇප නැහැ රුපියල් බිලියන 15ක මහජන මුදල් වංචාවක් සදහා ඇප?

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක මහතාත් රුපියල් බිලියන 15ක මහජන මුදල් වංචාවක් සදහා ඇප ලැබුණු රවී කරුණානායක පිලිබදවත් සමාජයේ කතාබහට ලක්වේ. ඊයේ තවත් විශේෂ සිද්ධියක් සිදුවිය.
“ස්ථානය – ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණය , දිනය -2021-03-31, සිද්ධිය – මහින්දානන්ද අළුත්ගමගේ විසින් රන්ජන් රාමනායකට විරුද්ධව අධිකරණය හමුවේ තිබු අපහස නඩුව ඉවත්කරගැනීම”

මාධ්‍ය වෙත කළ ප්‍රකාශයක් හරහා තමාට අගතියක් සිදුවූ බව බවසමින් ආමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුව ඉල්ලා අස්කරගැනීමට අමාත්‍යවරයා ඊයේ (31) පියවර ගෙන ති බුණි. 2016 දී මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රි නිවාස සංකීර්ණයේදී පැවැත්වූ මාධ්‍ය හමුවක දී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම නඩුව ගොනු කර තිබුණි.

එම චෝදනාව සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහතා 2016 වසරේ දී එම ප්‍රකාශයෙන් තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් රන්ජන් රාමනායක මහතාගෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඉල්ලමින් ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයේ හමුවේ නඩුවක් ගොනු කළේය.

සිව් වසරක් පුරා විභාගයට ගැනෙන එම නඩුව ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (31) යළි කැඳවනු ලැබීය. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී මේ වනවිට බන්ධනාගාරගතව සිටින රංජන් රාමනායක මහතා ද නඩු කටයුත්තට පැමිණ සිටි බව මහින්දානන්ද අලුත්ගම මහතා පැවසීය.

එහිදී අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා,

“මම මේ නඩුව ඉල්ලා අස්කරගත්තා. මම දැක්ක රංජන් අහිංසක මනුස්සයෙක්. ඔහුව නොමඟ යැව්වා. රන්ජන් දැන් අසරණ වෙලා ඉන්නේ. ජනපති කිව්වා පළිගන්න එපා කියලා. රන්ජන් වැඩියෙන්ම මඩ ගහපු කෙනා රංජන්ට සමාව දුන්නා. රන්ජන් ගැන මම කනගාටු වෙනවා. රන්ජන්ට සාධාරණයක් ඉටුවිය යුතුයි.“

 98 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments