ඩෙංගු වෛරස මර්ධනයට වොල්බැකියා (wolbachia) බැක්ටීරියාව සාර්ථකවේ

දුම්ගසා පාලනය කරන්න බැරි මෙම මදුරුවෝ කුඩා ප‍්‍රමාණයේ ජලය එක්රැස් වන භාජනවල බිත්තර දමති. මඳ අඳුර සහිත උදෑසන හා සවස් කාලයේ දෂ්ඨනය සිදු කරති. දවල් කාලයේ වැඩුනු මදුරුවන් නිවාස තුළ මෙන්ම අවට පරිසරයේ ද සැගව සිටිති. ඩෙංගු වෛරසය  රෝගියකුගේ රුධිරය හරහා මදුරුවාගේ ආහාර මාර්ගයට ඇතුළු වූ විට වෛරසය ආහාර මාර්ගයේ ඇතුළත බිත්තිවල වර්ධනය වේ. දැනට  ඇමෙරිකාව, ඔස්ටේ‍්‍රලියාව හා ඉන්දුනීසියාව මෙම ක‍්‍රමවේදය සාර්ථකව අත්හදා බලා ඇත

ඩෙංගු උණ සහ ඩෙංගු රක්තපාත උණ ශ‍්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවලට ඉමහත් ගැටලූ ඇති කරන්නකි. 2021 වසරේ මුල් මාස දෙක තුළ පමණක්  රෝගීන් 3000කට වඩා වාර්තා වී ඇත. පසුගිය 2020 වසරේදී කොවිඞ් රෝග ව්‍යාප්තිය සමග ඩෙංගු රෝගය පිළිබඳ අවධානය ගිලිහී ගියද මීට වසර 3කට පෙර 2017 වසරේදී රෝගීන් ලක්ෂ දෙකක් පමණ වාර්තා විය. ඩෙංගු  රෝගීන් රෝහල්ගත කළද කිසිදු විශේෂිත ප‍්‍රතිකර්මයක් ලබා නොදෙන බවත් සැබැවින්ම එවැනි විශේෂිත ප‍්‍රතිකර්මයක් නොමැති බවත් රෝගීන් හා ඔවුන්ගේ සමීපතමයන් අත්දැක ඇති සත්‍යයකි. එබැවින් ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා අනුගමනය කළ යුත්තේ වෙනත් ක‍්‍රමෝපායක් බව ඉතා පැහැදිලිය.

වෛරස් රෝග පාලනය සඳහා ඉතාමත් ඵලදායී ක‍්‍රමය එන්නත් ලබාදීම බව ලොව පුරා විද්‍යාඥයන්ගේ මතය වුවද ඩෙංගු රෝගය සඳහා තවමත් එවැන්නක් ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් පිළිගත් ආයතනයක් විසින් අනුමත කොට නැත. මේ අනුව ඩෙංගු වෛරසය සෘජු බව පාලනය කළ හැකි ක‍්‍රමවේදයක් නොමැති බව පැහැදිලිය. එසේනම් අපට ඉතිරි වී ඇති අනෙකුත් ක‍්‍රමය කුමක්ද?

ඩෙංගු රෝගය වනාහි රෝග වාහක මදුරුවකුගෙන් පැතිරී යන්නකි. ශ‍්‍රී ලංකාව තුළ ඊඞීස් ඇල්බෝපිට්ටස් හා ඊඞීස් ඊජිප්ටයි යන මදුරු විශේෂ ඊට දායක වේ. ලෝකයේ බොහෝ රට වල ඊට දායක වන්නේ මේ මදුරු විශේෂ දෙක වන අතර ඊඞීස් ඊජිප්ටයි ඒ අතරින් රෝගය පැතිරී යෑමට දායක වේ. මෙම මදුරු විශේෂ දෙකම ශ‍්‍රී ලංකාවේ දක්නට ඇති අතර දෙදෙනාම සුදු පැහැති තිත් සහිත අඳුරු පැහැයට හිරු මදුරුවන් වේ. ඔවුන්ගේ උරය කොටසේ පිහිටා ඇති සුදු පැහැති සලකුණින් එකිනෙකා වෙන්කොට හදුනාගත හැක. ඊඞීස් ඊජිප්ටයි මදුරුවාගේ උරයේ වන සුදු පැහැති දෑ කැති හැඩති සළකුණු දෙකක්ද ඊඞීස් ඇල්බෝපිට්ටස් මදුරුවාගේ උරයේ තනි සුදු ඉරක් වැනි සලකුණක් ද ඇත. මෙම මදුරුවෝ කුඩා ප‍්‍රමාණයේ ජලය එක්රැුස් වන භාජනවල බිත්තර දමති. මඳ අඳුර සහිත උදෑසන හා සවස් කාලයේ දෂ්ඨනය සිදු කරති. දවල් කාලයේ වැඩුනු මදුරුවන් නිවාස තුළ මෙන්ම අවට පරිසරයේ ද සැ`ගව සිටිති. මෙම මදුරුවන්ගේ  හැසිරීම සලකා බලා ඔවුන් මර්දනය කිරීම ඩෙංගු වළකා ගැනීමට අපට ඉතිරී වී ඇති ප‍්‍රධානම ක‍්‍රමවේදයකි. ඒ සඳහා ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීමත්, මදුරු දෂ්ඨනය වළකන ආලේපන භාවිතා කිරීමත්, දුම් ගැසීම වැනි ක‍්‍රමවේදවලින් වැඩුණු මදුරුවන් විනාශ කිරීම කාලයක සිට සිදු කරනු ලබයි. එහෙත් මේ සියලූ ක‍්‍රමවේද පරදා ඩෙංගු පැතිරවීමට රෝග වාහක මදුරුවන්ට හැකි වී ඇති බව පසුගිය වසරවල රෝගීන් සලකා බැලීමේදී පෙනී යයි.

මේ හේතුවෙන් ඩෙංගු රෝගය පාලනය සඳහා නව ක‍්‍රමවේද සොයා යෑමට විද්‍යාඥයන් නිරතුරුව කරන ලද උත්සාහයන්ගේ ප‍්‍රතිඵලයක් ලෙස නවතම ක‍්‍රමවේදයක් ඉදිරිපත්ව ඇත. එහිදී සිදුකරනු ලබන්නේ ඩෙංගු රෝග වාහක ඊඩිස් ඊජිප්ටයි මදුරුවන්ගේ  ආහාර මාර්ග තුළ වොල්බැකියා (wolbachia) නම් වන බැක්ටීරියා විශේෂයක් වර්ධනය වීමට ඉඩ හැරීමය.

සාමාන්‍යයෙන් ඊඞීස් ඊජිප්ටයි මදුරුවා තුළ එම බැක්ටීරියාව දක්නට නැත. ඩෙංගු වෛරසය රෝගියකුගේ  රුධිරය හරහා මදුරුවාගේ ආහාර මාර්ගයට ඇතුළු වූ විට වෛරසය ආහාර මාර්ගයේ ඇතුළත බිත්තිවල වර්ධනය වේ. එහෙත් වොල්බැකියා බැක්ටීරියාව මදුරුවාගේ ආහාර මාර්ගය තුළ වර්ධනය වී සිටීනම් ඩෙංගු වෛරසයට ඒ තුළ වර්ධනය වීමට හැකියාවක් නොලැබේ. එවිට එම මදුරුවා ඩෙංගු වාහක මදුරුවකු බවට පත් නොවේ. රසායානාගාර තුළදී වොල්බැකියා බැක්ටීරියාව ආසාදිත ඩෙංගු මදුරුවන් බෝ කර ඔවුන්ව පරිසරයට මුදාහැරීම මගින් වෛරසයට ඔරොත්තු දෙන (resonant) මදුරු ගහනයක් ඇති කිරීම විද්‍යාඥයන්ගේ අරමුණ වී ඇත. වොල්බැකියා බැක්ටීරියාව සාමාන්‍ය පරිසර තත්ත්ව යටතේ අනෙකුත් ඩෙංගු මදුරුවන්ට ද ආසාදනය වන අතර මිනිසාට අහිතකර රෝග තත්ත්ව ඇති කරනු නොලබයි. වොල්බැකියා බැක්ටීරියාව ආසාදනය මදුරු ගහනය තුළ ක‍්‍රමයෙන් පැතිර ගියහොත් ඩෙංගු වෛරසයට ඔරොත්තු දෙන මදුරුවන් ප‍්‍රමාණය වැඩි වී ඩෙංගු පැතිරීම පාලනය වන බව ඔප්පු වී ඇත. දැනට ඇමෙරිකාව, ඔස්ටේ‍්‍රලියාව හා ඉන්දුනීසියාව මෙම ක‍්‍රමවේදය සාර්ථකව අත්හදා බලා ඇත. ශ‍්‍රී ලංකාව තුළ ද නියමු ව්‍යාපෘතියක් ලෙස නුගේගොඩ හා දෙහිවල ප‍්‍රදේශවලට වොල්බැකියා ආසාදිත ඩෙංගු වාහක මදුරුවන් මුදාහැර ඇත. කැලේ ගසක් නසන්නට කැලේ ගසක් වුවමනා බවට පිරුළක් ඇත. එවැනිම ක‍්‍රමවේදයක් හරහා බැක්ටීරියාවක් (වොල්බැකියා) යොදාගෙන ඩෙංගු වෛරසය පාලනය කිරීමට නුදුරේම හැකිවන බවට සාක්ෂි සාධක ලැබෙමින් පවතී.

 106 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments