උතුරේ දෙමල ජාතික සභාවක් ….,

උතුරේ දෙමළ දේශපාලන පක්ෂ දහයක් එක්ව දෙමළ ජාතික සභාව නමින් පොදු බලවේගයක් නිර්මාණය කිරීමට නියමිතව ඇතැයි දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් පැවසීය. මෙම පක්ෂ නායකයින් ලබන 28 වැනිදා යාපනයේ දී රැස්ව ඒ පිළිබඳ අවසන් තීරණය ගැනීමට නියමිතව ඇතැයිද හෙතෙම කීවේය.

දෙමළ ජාතික සන්ධානය, ඊ.පී.ආර්.එල්.එෆ්., දෙමළ ජාතික පක්ෂය, දෙමළ ජාතික ජනතා පෙරමුණ, ඊලාම් ජනතා ස්වයං පාලන පක්ෂය ඇතුළු පක්ෂ දහයක් පමණ රැස්වී මෙම බලවේගය නිර්මාණය කර ගැනීමට අවධානය යොමු කළේ යාපනයේ පැවැති රැස්වීමකදීය.

ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කිරීමටත් උතුරේ හමුදාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් වෙනුවෙන් දේශපාලන වශයෙන් ප්‍රබල බලවේගයක් නිර්මාණය කර ගැනීමත් පිණිස මෙම බලවේගය පිහිටුවා ගැනීමට යෝජනා වී ඇත. දේශපාලන පක්ෂ මතිමතාන්තර පසෙකලා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා දීම වෙනුවෙන් ශක්තිමත් පොදු බලවේගයක් වශයෙන් කටයුතු කිරීම මෙහි අරමුණ වී ඇත.

 46 total views,  2 views today

0 0 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments