එන්නත්කරණයේ දී උපදේශක කමිටුවේ උපදෙස් හා සැලසුම් නොසලකාහරියි

කොවිඩ් 19 සඳහා පිළියෙළ කරන ලද ජාතික එන්නත්කරණ සැලැස්ම වසර 2021 ජනවාරි මාසයේ දී බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශක කමිටුව අනුමත කර ඇත. මෙම සැලැස්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්ද අනුමත කරන ලද බව එම සංගමය සඳහන් කරයි. අනතුරුව මෙම යෝජනා ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සියලුම පාර්ශ්වකරුවන් වෙත ලබා දී තිබේ.

කොවිඩ් මර්දන එන්නත්කරණය බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශක කමිටුවේ උපදෙස්වලින් තොරව ක්‍රියාත්මක කිරීම කොවිඩ් වසංගතය පාලනය කෙරෙහි සෘජුවම බලපෑම් ඇතිකරන බව ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

වසර 2021 දී ඉතාමත් සීමිත එන්නත් ප්‍රමාණයක් නිපදවිය හැකි බැවින් ප්‍රමුඛතා කණ්ඩායම් හඳුනා ගැනීම අතිශයින් වැදගත්වේ. මේ පිළිබඳ කරුණු සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ විශේෂඥයින්ගේ උපායමාර්ගික උපදේශන කණ්ඩායමේ එන්නත් ප්‍රමුඛතා කණ්ඩායම මගින් පැහැදිලිව පෙන්වා දී ඇත. ඉදිරියේ දී නිපදවන එන්නත්, රටවල් අතර බෙදා හැරීම සඳහා තවමත් නිශ්චිත කාල වකවානුවක් නොමැත. මේ අනුව එන්නත්කරණය මගින් ලබා ගත හැකි ප්‍රතිඵල ප්‍රශස්ථ මට්ටමකට ගෙන ඒම සඳහා අපට ලැබෙන එන්නත් ප්‍රමාණය වඩාත් ප්‍රතිඵලදායි ආකාරයෙන් භාවිතා කිරීම අනිවාර්යවේ.

මේ අනුව ජාතික එන්නත්කරන වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේ දී ප්‍රමුඛතා ලබා දී ඇත්තේ ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්ට සහ කොවිඩ් මර්දන කටයුතු සඳහා සෘජු දායකත්වය ලබා දෙන පුද්ගලයන්ටය. ඉතිරි ප්‍රමුඛතා කණ්ඩායම් අතර වයස අවුරුදු 60ට වැඩි අය සහ විශේෂයෙන්ම දරුණු රෝග හා මරණවලට ගොදුරුවන කණ්ඩායම් වන බෝනොවන රෝගවලින් පෙළෙන අයව එන්නත්කරණයට වහාම ඇතුළත් කළ යුතු බව එම සංගමය අවධාරණය කරයි.

 52 total views,  2 views today

0 0 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments