බස් රථ 25 ක් මගීන් විසිපන්දහස් හයසිය හතළිස් නව දෙනෙකු මෙම සේවය භාවිත කරල

දිනකට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් විවිධ කාර්යයන් වෙනුවෙන් කොළඹ නගරයට පැමිණෙති. ඊට නොදෙවෙනි වාහන සංඛ්‍යාවක්ද දිනකට මේ නගරයට ඇතුළුවීම නිසා රථවාහන තදබදය ගැන අමුතුවෙන් කිවයුතු නැත. මේ මාර්ග තදබදය පාලනය පිණිස පසුගිය කාලයේ විවිධ විකල්ප, විසඳුම් යෝජනා කළත් ඒවා එතරම්ම සාර්ථක වූයේ නැත.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව කොළඹ මාර්ග තදබදය පාලනය කිරීම වෙනුවෙන් ආරම්භ කර ඇති පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස් සේවය මේ වනවිට සාර්ථකව ඉදිරියට ගමන් කරන බව පැහැදිලිව පෙනෙන්නට ඇත.

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ගමනාරම්භයත්, ගමනාන්තයත් වන පරිදි ප්‍රධාන මාර්ග කිහිපයක්ම ආවරණය වන පරිදි මෙම බස් සේවය ක්‍රියාත්මකය. සු‍ඛෝපභෝගී බස් රථ 25 ක් ඒ වෙනුවෙන් යොදවා තිබේ. මෙහි මෙහෙයුම් කටයුතු මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ නිලධාරීන් හා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් සිදුකරනු ලබති. පසුගිය ජනවාරි 15 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම සේවය ආරම්භ වූ අතර එහි නිසි පරිදි ධාවන කටයුතු ආරම්භ වූයේ ඉකුත් ජනවාරි 18 වැනිදාය.

පසුගිය 18 වැනිදාට මෙම සේවය ආරම්භ කර මාසයක කාලයක් සපිරුණු අතර එකී සේවය අත්විඳින්නට දිනපතා අරුණ වෙනුවෙන් මගියෙකු ලෙසින් මාර්ග අංක 138 ඔස්සේ හයිලෙවල් පාරේ ගොස් මාර්ග අංක 174 ඔස්සේ නැවත මාකුඹුරට යන බස් රථයට ගොඩවුණෙමි. ඒ ඊයේ (22දා) පෙරවරු 08.05 ට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙනි. ප්‍රවාහන මධ්‍යස්ථාන රථගාලෙහි මෝටර් රථ, යතුරු පැදි, ත්‍රිරෝද රථ, වෑන් රථ ආදිය ගාල් කර තිබෙනු අපට නිරීක්ෂණය විය. මා ගොඩවූ බසයේ ආසන ගණන 29 කි. මාකුඹුර, කොට්ටාව, මහරගම වැනි ප්‍රදේශවලින් ආසන පිරෙන්නම මගීන් ගොඩවී සිටියහ. ඇතැම් ප්‍රදේශවලින් ශේෂ වී තිබුණේ අසුන් දෙකක් තුනක් වැනි ප්‍රමාණයක්ය. මෙම මගීන් අතුරෙන් බොහෝ දෙනෙකු කාර්යාල සේවක සේවිකාවන්ය. 138 මාර්ගයේ පුරහල දක්වාම මගීන්ගේ කිසිදු අඩුවක් නොතිබිණි. බොහෝ පිරිසක් කිරුළපන, ටවුන්හෝල්, ඇතුළු ප්‍රදේශවලින් බැසගත්හ. මෙම බස් රථය පිටකොටුව වෙත ළඟා වූයේ පෙරවරු 09.08 ටය.

මෙම බසය පිටකොටුව, මරදාන හරහා බොරැල්ලටත් බොරැල්ල, රාජගිරිය, බත්තරමුල්ල හරහා පැලවත්තටත් එතැනින් පන්නිපිටිය කොට්ටාව හරහා මාකුඹුරටත් ළඟා වූයේ පෙරවරු 10.25 ටය. පිටකොටුවේ සිට මාර්ග අංක 174 ඔස්සේ ධාවනය වීමේදී කොළඹට පැමිණි මගීන් මෙන් සියයට හැත්තෑවකටත් අඩු ප්‍රතිශතයක් බසයට ගොඩවීමද පැහැදිලිව නිරීක්ෂණය විය.

කොන්දොස්තර මහතා සෑම නගරයකටම බසය පැමිණි වේලාව සටහන් පොතේ ලියා ගැනීමට අමතක කරන්නේද නැත. මගීන් හා කාරුණිකව ගනුදෙනු කරන මේ කොන්දොස්තරවරයාත් රියැදුරු මහතාත් ජනතාවාදී මගී ප්‍රවාහන සේවයකට එක් කිරීමේ ගෞරවය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට හිමිවිය යුතුය. එමෙන්ම සිටි බස් සේවා බස් නැවතුම්පළවල්වලට පමණක් සීමා නොකොට බසයේ ඉතිරිව ඇති ආසන ගණන සැලකිල්ලට ගෙන ගමන් මාර්ගයේ සෙසු බස් නැවතුම්පළවල මගීන්ටද සේවා සැපයීමට උත්සාහ දරන ආකාරයද මෙහිදී නිරීක්ෂණය විය. පෙරවරු 10.30 ට පමණ මාකුඹුරේදී බසයෙන් බැස ගිය මා මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ මහ කොළඹ ප්‍රවාහන ජාලා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ නාලක දිසානායකද මුණගැසුණෙමි.

‘‘අපි මේ සේවය පටන්ගෙන මාසයක් යනකොට සාර්ථක ප්‍රතිඵල නෙළාගෙන තියෙනවා. දැන් ක්‍රම ක්‍රමයෙන් මගී ජනතාවත් මේ සේවයට නැඹුරු වෙලා තියෙන බවක් පෙනෙන්නට තියෙනවා.

මේ වෙනකොට සුඛෝපභෝගී බස් රථ 25 ක් මගීන් විසිපන්දහස් හයසිය හතළිස් නව දෙනෙකු මෙම සේවය භාවිත කරල තියෙනවා.

 34 total views,  2 views today

0 0 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments