ඩෙන්මාර්ක – ජර්මන් දේශසීමාව වසා දැමේ
ජර්මනියේ ‘ෆ්ලෙන්ස්බර්ග්’ නගරයේන් මතු වූ කොරෝනා පොකුර නිසා ඩෙන්මාර්ක – ජර්මන් දේශසීමාව වසා දමා ඇත.
ජර්මානු නගරයක් වන ‘ෆ්ලෙන්ස්බර්ග්’ නගරයේ කොරෝනා ආසාදිත පොකුරක් මතු වීම හේතුවෙන් එම නගරයට යාබදව පිහිටි ඩෙන්මාර්කය ජර්මනිය සමග පවතින සිය දේශසීමාව වසා දැමීමට පියවර ගෙන තිබේ. ෆ්ලෙන්ස්බර්ග් නගරයෙන් ඉකුත් සතියේ වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාවද වැඩි වී ඇති අතර නගරයෙන් නව බි්රතාන්ය කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වුවන් 80 දෙනෙකු වාර්තා වී ඇති බව නගරයේ පුරපතිනිය වන සිමොන් ලන්ග් පවසන්නීය. නගරය තුළ මේ වන විට රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පනවා ඇති අතර පුද්ගලික උත්සව පැවැත්වීම් තහනම් කර තිබේ.
මේ අතර ජර්මනිය සමග පවතින දේශසීමාව වසා දැමූ ඩෙන්මාර්කය සෙසු රටවල් සමග පවතින දේශසීමාවන් හරහා ගමන් ගන්නා පුද්ගලයන් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් දැඩි සේ පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබේ.
50 total views, 4 views today