ඉදිකිරීම් දිගින් දිගටම ප්‍රමාද කරන ජපාන කොන්ත්‍රාත් සමාගම සම්බන්ධයෙන් ජපාන රජයට පැමිණිලි

ටුනායක ගුවන් තොටුපළ සංවර්ධන ව්‍යාපෘතියේ බී පැකේජයේ ඉදිකිරීම් දිගින් දිගටම ප්‍රමාද කරන ජපාන කොන්ත්‍රාත් සමාගම සම්බන්ධයෙන් ජපාන රජයට පැමිණිලි කිරීමට සංචාරක අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ සම්බන්ධයෙන් මෙරට ජපාන තානාපතිවරයාට දැනුම් දෙන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතාට උපදෙස් ලබාදී ඇතැයිද එම අමාත්‍යාංශය කියා සිටී.

කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන ව්‍යාපෘතියේ බී පැකේජයේ ප්‍රගති සමාලෝචන රැස්වීම පැවති අවස්ථාවේදී අමාත්‍යවරයා එම උපදෙස් ලබා දුන්නේය. 2014 වසරේදී එවකට දෙරෙටේ නායකයින් අතර වූ එකඟතාවයක් මත කටුනායක ගුවන්තොටුපල සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ජපන් රජය ජපන් යෙන් මිලියන 74,394ක ණය මුදලක් ලෙස පිරිනමා ඇත. මේ සඳහා ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම වැය කරන මුදල රුපියල් මිලියන 21,645 කි. මෙම ව්‍යාපෘතිය ඒ සහ බී පැකේජ දෙකක් යටතේ සිදුකෙරෙන අතර බී ව්‍යාපෘතිය සඳහා ඇස්තුමේන්තු ගත කර ඇති මුදල රුපියල් බිලියන 06කි.

 46 total views,  4 views today

0 0 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments