අලුත් කුරුලු උණක් රුසියාවේ

රුසියාවේ දකුණු ප්‍රදේශයේ කුකුළු ගොවිපළක කුකුළන් අතර පසුගිය දෙසැම්බරයේ මෙම වයිරසය පැතිරෙමින් තිබූ බවත්, මෙම ගොවිපළේ සේවය කළ සත් දෙනෙකුට එය ආසාදනය වී ඇති බවත් සඳහන්ය. මෙම ප්‍රභේදය මිනිසුන්ට ආසාදනය වූ පළමු අවස්ථාව මෙය බව විද්‍යාඥයන් සඳහන් කර තිබේ. ආසාදිතයන් මේ වන විට සුවය ලබා සිටින බව රුසියානු බලධාරීන් වාර්තා කර ඇත. මිනිසුන්ගෙන් මිනිසුන්ට වයිරසය පැතිරීමක් දැනට දක්නට නොලැබෙන බවද සඳහන් වේ. මෙසේ පක්ෂීන්ගෙන් මිනිසුන්ට බෝ වන අලුත් වයිරස ප්‍රභේදයක් ගැන රුසියාවෙන් වාර්තා වී තිබේ. මෙම ප්‍රභේදය හඳුන්වා ඇත්තේ එච්5එන්8 (H5N8) යනුවෙනි. කෙසේ වෙතත්, වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා ක්‍ෂණික පියවර ගත් බවත්, මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම්වත් කළ බවත් එරට සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ. රුසියාවේ වෙක්ටර් විද්‍යාගාරයේ විද්‍යාඥයෝ මේ වන විට වයිරස ප්‍රභේදයේ ජානමය කොටස් වෙන් කර හඳුනා ගැනීමට සමත්ව සිටිති. මේ නිසා ඒ පිළිබඳ පර් යේෂණ කටයුතු ඉක්මන් කිරීමට හැකියාව ලැබේ. මිනිසුන් අතර වයිරසය පැතිරෙන්නට පෙර මෙසේ කිරීමට ලැබීම නිසා ඉදිරියේදී එයින් සහ එහි නව ප්‍රභේදවලින් තර්ජනයක් එල්ල වීම වැළැක්වීමට හැකියාව ලැබෙනු ඇති බව එම විද්‍යාඥයෝ සඳහන් කරති. කුරුලු උණ වයිරස ප්‍රභේද මෙයට පෙරද මිනිසුන්ට ආසාදනය වී ඇති අතර ආසාදිතයන් මරණයටද පත්ව තිබිණි. එච්5එන්1 (H5N1) නමැති ප්‍රභේදය මිනිසුන්ට වැලඳුණහොත් ඉතා බරපතළ තත්ත්වයක් ඇති වන අතර එහි මරණ අනුපාතය සියයට 60ක් තරම් ඉහළ අගයක් ගනී.

 34 total views,  2 views today

0 0 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments