අපේ ලොකු අයියා ඉන්දියාව. මේ වෙලාවේ අපිට ඉන්දියාව තරහ කරගන්නත් බෑ සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව ඉන්දියාවේ පැත්තට

‘මේ වෙනකොට දකුණ චීනයට අයිතිවෙලා ඉවරයි. කොළඹ වරායත් චීනයට දෙනවා. උතුරෙත් දූපත් තුනක් චීනයෙන් ඉල්ලනවා. දැන් රටෙන් භාගයක්ම චීනයට. අපි අහනවා දැන් නැගෙනහිර කාටද දෙන්නේ කියලා. ඉන්දියාව තමයි දකුණු ආසියාවේ බලවතා. අපේ ලොකු අයියා ඉන්දියාව. මේ වෙලාවේ අපිට ඉන්දියාව තරහ කරගන්නත් බෑ. ඉන්දියාව තරහ කරගන්නවා කියන්නේ විශාල ගැටලුවක් වෙනවා ඉදිරියට ඒක.

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මෙරටට පැමිණීමෙන් සිදුවන්නේ චීනයත් ඉන්දියාවත් අතර සිදුවන බල අරගලයට තවදුරටත් ශ්‍රී ලංකාව මැදිහත්වීම බවත් ඔහුගේ පැමිණීමෙන් මෙරටට කිසිදු වාසියක් සිදුනොවන බැවින් එයට සම්පූර්ණ විරුද්ධ වන බවත් සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව පවසයි.

එම සංවිධානය එසේ පවසා සිටියේ පාකිස්තාන අගමැතිවරයාගේ පැමිණීමට විරෝධය පළකරමින් ඊයේ (21දා) කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල පැවැත්වූ විරෝධතාවට එක්වෙමිනි.

පාකිස්තානය චීනයට සහයෝගය දක්වන රටක් බැවින් මේ අවස්ථාවේ පාකිස්තානු අගමැතිවරයා මෙරටට පැමිණීමෙන් සිදුවන්නේ චීනයට ලංකාව සතු සියලු සම්පත් විකුණා දැමීමට පාකිස්තාන අගමැතිවරයාගේද සහාය ලැබීම යැයි ජාතික සංවිධායක චානක බණ්ඩාර කියා සිටියේය. ඉන්දියාවත් චීනයත් අතර ශ්‍රී ලංකාවේ වටිනා සම්පත් බෙදාගැනීමට තරගයක් පවතින මෙවැනි අවස්ථාවක පාකිස්තාන අගමැතිවරයා මෙරටට පැමිණෙන්නේ ශ්‍රී ලංකාවට යහපත සිදුකිරීමේ අරමුණින් නොවන බව පැහැදිලි බව ඔහු පැවැසීය.

මෙහිදී අදහස් දක්වා සිටි චානක බණ්ඩාර මෙසේද පවසා සිටියේය.

මේ වෙනුවෙන් අපේ රජය බොහෝම පරිස්සමෙන් සහ බුද්ධිමත්ව තමයි විදෙස් රටවල් සමග ගනුදෙනු කරන්න අවශ්‍ය. අපි කියන්නේ පාකිස්තානය වගේ රටක අගමැතිවරයෙකු අපේ රටට පැමිණීම අවශ්‍ය නැහැ. මොකද ඔවුන් එන්නේ අපේ රටේ තියෙන ගැටලු තව තවත් වැඩි කරලා ​මේ රට වෙනත් රටවලට විකුණලා දාන්න

 36 total views,  2 views today

0 0 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments