රටවල් 5 ක් විශේෂ කණ්ඩායමක් ජිනීවා වෙත විශේෂ යෝජනාවක් ගෙන එද්දී දෙමළ ජනයාගේ ගැටලුවට ස්වයං පාලනය තහවුරු වන විසඳුමක් TNA ඉල්ලයි.

උතුරේ ගැටලුවට දෙමළ ජනතාවගේ ස්වයං පාලන අයිතිය තහවුරු වන ආකාරයේ දේශපාලන විසඳුමක් නොදෙන්නේ නම් ජාත්‍යන්තර සහාය ඇතිව වෙනම රාජ්‍යයක් කරා බලකිරීමට සිදුවනු ඇතැයි දෙමළ ජාතික සන්ධානය යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ විද්වත් කමිටුව හමුවේ අවධාරණය කර තිබේ.

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් ඒකාබද්ධ උතුරු හා නැගෙනහිර පළාතක් තුළ පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කෙරෙන ෆෙඩරල් විසඳුමක් තිරසාර විසඳුමක් වශයෙන් බලාපොරොත්තු වන බවද මෙම සන්ධානය අවධාරණය කර තිබේ. දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මේ බව අවධාරණය කර ඇති අතර එම සන්ධානය මගින් නව ව්‍යවස්ථාවක් සඳහා ඉදිරිපත් කර ඇති යෝජනාවලිය ගැනද මෙහිදී සාකච්ඡා කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කිරීමේ විද්වත් කමිටුවේ නියෝජිතයන් සමග කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත ව්‍යවස්ථා සම්පාදන කමිටු කාර්යාලයේදී පෙරේදා (20දා) පෙරවරුවේ මෙම සාකච්ඡාව පැවති අතර ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්, එම්.ඒ සුමන්තිරන් යන අය සහභාගී වූහ.

 38 total views,  4 views today

0 0 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments