එ. ජා. නියෝජිතයෝ 20 ක් විභාගයක් නොමැතිවම ලංකා රජයට සහ හමුදාවට චෝදනා කරයි
ශ්‍රී ලංකා රජය සහ හමුදාව වහාම ජාත්‍යන්තර අධිකරණය වෙත යොමු කරන ලෙස කොළොම්බියාවේ හිටපු ජනපති ප්‍රීමන් මැනුවෙල් සහ අයර්ලන්තයේ හිටපු නායිකාව වූ මේරි රොබින්සන් ඇතුළු හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරීන් 20 දෙනකු බටහිර රටවලින් ඉල්ලා ඇත.
හිටපු මානව හිමිකම් කොමසාරිස්වරිය වූ නවි පිල්ලෙයි – ලූවිසේ ආබර් සහ සෙයිද් රාද් හුසේන් ද එම ඉල්ලීම කළ පිරිස අතර වෙති.
ස්වෛරී රටකට එරෙහිව එක්සත් ජාතීන්ගේ නිලධාරීන් 20 දෙනකු එකට එක්වූ මුල්ම අවස්ථාව මෙයයි.
මෙම හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරීන් සියලූ දෙනාම මෙරට හමුදාවට එල්ල වූ යුධ අපරාධ චෝදනා පිළිගෙන ඇත. එහෙත් එම යුද අපරාධ චෝදනා ගැන කිසිදු විභාගයක් පවත්වා නැත.
52 total views, 2 views today