රජය පළාත් සභාවල බලය අහෝසි කරන්නේ නෑ. 13න් පළාත්සභා වලට වැඩි බලයක් – ඩග්ලස් දේවානන්ද

සරත් වීරසේකර අමාත්‍යවරයා ඇතුළු රජයේ විවිධ කණ්ඩායම් පළාත්සභා පිලිබදව කුමන මතයක් දැරුවත් රජය පළාත්සභා ක්‍රමය අහෝසි කිරීමට කිසිදු පියවරක් හෝ කිසිදු සුදානමක් නොමැති බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි. ද්‍රවිඩ ජනයාගේ බලාපොරොත්තු ඉටු කිරීමට හැකිවන්නේ සම්පූර්ණ බලය බෙදීමකින් පමණක් බවත් අමාත්‍යවරයා තවදුරටත් සදහන් කරයි.
තවද තමාවෙත ජන වරම ලබාදුන් ජනතාවට දේශපාලන අයිතීන් ලබාදීමට හා ඔවුන්ගේ ගැටළු වලට විසදුම් ලබාදීම සදහා කටයුතු කරන බව ද තවදුරටත් සදහන් කළේය.
වත්මන් රජය පිහිටුවීම සදහා එක්වූ පක්ෂ, කණ්ඩායම් වල විරෝධතා මධ්‍යයේ වුවත් පළාත්සභා පැවැත්වෙන බවත් 13 වන සංශෝදනය හරහා පළාත් සභා සදහා වැඩි බලයක් ලැබෙන බවත් අමාත්‍ය වරයා දැඩි ස්ථාවර විස්වාසයකින් පවසයි.

 35 total views,  2 views today

0 0 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments