අගමැතිට උඩින් තාක්ෂණික කමිටුවද? අනවශ්‍ය ප‍්‍රශ්න නිසා හකීම් පබගලක පැටලේ

කොවිඩ් වැළදීම නිසා මියයන අයගේ මළසිරුරු ආදාහනය කිරීමට විරෝධී ප්‍රකාශ, අදහස් දැක්වීම් සහ චෝදනා පසුගිය කාලය පුරාවටම දේශපාලන වේදිකාවල අහන්නට ලැබුණා. මෙම ගැටලුව පිලිබදව ආණ්ඩුපක්ෂය හා මුස්ලිම් දේශපාලන කණ්ඩායම් අතර අදහස් හැක්විම් වලින් ආරම්භවී විවිධ චෝදනා එල්ල කිරීම දක්වා ද පර්ලිමේන්තුව තුල වර්ධනය විය.

මුස්ලිම් දේශපාලන පක්ෂ කීපයක හා අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් විසින් වරින් වර අලුත් කරන මෙම මත ගැටුම පසුගියදා ප‍්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඞ් පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනි වෙත සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම්. මරික්කාර් මහතා ඉදිරිපත් කල ගැටළුවක්. වෙත අගමැතිතුමාගේ ප්‍රකාශයක් සමග අලුත් විය.

කොවිඞ් වැළඳී මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීම සඳහා අවශ්‍ය ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබෙන තුරු නිකුත් කළ නොහැකි බව ප‍්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඞ් පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනි වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (11 වැනිදා) පැවසුවාය. තවදුරටත් මෙහිදී විෂය භාර ඇමැතිවරිය පවසා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීන්දු තීරණ අපි ගන්නෙ පුද්ගලිකව නොවේ, තාක්‍ෂණික කමිටුවක් හරහා. ඒ නිසා තාක්‍ෂණික කමිටුවට මේ යෝජනාව ඉදිරිපත් කර ඒ අනුව තාක්‍ෂණික කමිටුවේ එකඟතාව මත කටයුතු කරන්න සිදු වෙනවා.

“සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්‍ෂණික කමිටුව තිබෙන්නේ අගමැතිවරයාටත් උඩින්ද? ආණ්ඩුවේ තීරණ වෙනස් කරන්න තාක්‍ෂණික කමිටුවකට පුළුවන්ද? ජිනීවාවලටත් මේ ප‍්‍රශ්නය ගිහින් තිබෙනවා. අපි එහෙම වෙනවට කැමති නැහැ. භූමදානයට තිබෙන ඉඩ කවුද හිර කරන්නේ? අනවශ්‍ය ප‍්‍රශ්න මේ රටේ ඇති කරන්න එපා. හොඳම තීරණය මෙතනදි ගන්න”
ලෙස රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කිරීම තුලින් හැගෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්‍ෂණික කමිටුවේ හා කොචිඩ් නීතීන් පිලිබදව සලකිල්ලක් නොදක්වන ආකාරයයි..

 57 total views,  2 views today

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments